*
Monday, May 6, 2024
spot_img

Latest Posts

මට ලංකාවෙ ජනතාවගෙන් ලැබෙන ශක්තිය සල්ලිවලට ගන්න බැරි දෙයක් – Tsuyoshi Murata

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 24, කොළඹ (LNW): Tsuyoshi Murata ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවට හුරු නමක් වෙලා දැන් වසර හයකට ආසන්නයි. ජපන් භෞත චිකිත්සකවරයෙක් වූ මුරාටා 2018 දී ශ්‍රී ලංකා කණිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායමට ආසියානු මලල ක්‍රීඩා සූරතාවලිය තුළ ලැබූ ජයග්‍රහණවලට විශාල ශක්තියක් සැපයූ කෙනෙක්.
ඒ බැදීම තවමත් මුරාටා තුළ තියෙනවා.ඉකුත් වසරේ ලංකාවේ මලල ක්‍රීඩා පිටිය තුළ කැපී පෙණුනම චරිතය වූ තරුශි කරුණාරත්නගේ කණිටු ජයග්‍රහණවල දී ද මුරාටා සමීපව සිට ඇයට උදව් කර තිබෙනවා.මෙවරත් ඔහු එම උපකාර සේවය රැඟෙන ආසියානු මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණිෂ්ඨ මලල ක1ිඩා කණ්ඩායම සමඟ එකතු වීමට ඩුබායි වෙත පැමිණ තිබෙනවා.මූල්‍යමය සාධක නොසළකා හරිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ ආකාරයට ඔහු කරන උපකාරය ගැන LNW මීට පෙරත් සඳහන් කර තිබෙනවා.
මෙවර අප මුරාටාගෙන්ම මේ ශ්‍රී ලාංකේය විශේෂත්වයට හේතු විමසා සිටියා.


“මට ලංකාවෙ ජනතාවගෙන් ලැබෙන ශක්තිය සල්ලිවලට ගන්න බැරි දෙයක්.”මුරාටාගේ පිළිතුර වුණේ එයයි.ඒ වගේම ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ගැනත් මුරාටා ඉන්නෙ විශාල පැහැදීමකින්.ඔහු අද ඇරඹෙන 21 වන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියෙදිත් සිය සේවය ශ්‍රී ලංකාව රනින් බබලවන හේතුවක් වනු ඇතැයි විශ්වාසයෙන් යුතුය බලා සිටිනවා.මුරාටාට මෙන්ම මුරාටාගේ ශක්තිය ශ්‍රී ලංකාව රනින් සරසා ගන්න හේතුවක් කර ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමටත් LNW සුබ පැතුම් එක් කරනවා.


මේ සමඟ ඇති ඡායාරූපය මුරාටා 2018 පළමු වරට ශ්‍රී ලංකා කණිෂ්ඨ කණ්ඩායම සමඟ එක් වූ අවස්ථාවේ දී ලබා ගත් එකක්.ඔහු මෙවර ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියට පැමිණීමට පෙර ඒ ගැන සිය මුහුණු පොතේ සටහනක් තබමින් එක් කළ ඡායාරූප අතරින් ලබා ගත් එකක්.
පහත දැක්වෙන්නේ ඔහු එම සටහන සමඟ එක් කර තිබූ අදහසයි.


ආයුබෝවන් ලංකාවේ හැමෝටම. මෙම ඡායාරූපය 2018 ආසියානු කනිෂ්ඨ ශූරතාවලියේදී ගන්නා ලදී. ඒක තමයි මම ලංකාවේ අය එක්ක මුලින්ම කතා කළේ. එය කොතරම් විනෝදජනකද කියා මට මතකයි. 2024 අප්‍රේල් 24 වැනිදා ආරම්භ වන ආසියානු කනිෂ්ඨ ශූරතා තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සහායක සේවකයෙකු ලෙස මම ඩුබායි වෙත යනවා. අපි නැවතත් විනෝදයෙන් හා සතුටින් කාලය ගත කරමු. ඔයාට ස්තූතියි.


Hello to everyone in Sri Lanka. This photo was taken at the 2018 Asian Junior Championships. That was the first time I interacted with people from Sri Lanka. I remember how much fun it was. I will be going to Dubai as a support staff member for the Sri Lankan team for the Asian Junior Championships starting on April 24, 2024. Let’s spend some fun and happy times together again. Thank you.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan