(VIDEO):රනිල්ට කවුරුවත් අභියෝගයක් නෙවෙයි. රනිල්ට අභියෝගය රනිල්ම තමයි – රවී

Date:

කොළඹ LNW:මොන කයිවාරුව ගැහුවත් රට ගොඩ ගැනීමේ අභියෝගය භාර ගැනීමට සිටියේ එක පුද්ගලයෙක් වන අතර මේ වන විට ජනතාවට එය පෙනෙන්නට ඇති බවත් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ඊට ඉදිරිපත්වන්නේ නම් ඔහුට වෙනත් කිසිදු අභියෝගයක් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නයක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

රනිල් වික්‍රමසිංහට ඇති අභියෝගය රනිල් වික්‍රමසිංහ ම පමණක් බවයි කරුණානායක මහතා පවසන්නේ.

අවශ්‍ය වන්නේ කතාව නොව වැඩකර පෙන්වීම බවද ඔහු පෙන්වා දෙයි.

රට පත්ව ඇති බරපතළ ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා පටු දේශපාලන දෘෂ්ටිවාදය පසෙකලා සැවොම එක්සත් විය යුතු බවයි රවී කරුණානායක මහතා පවසන්නේ.

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගනිමින්, ඒ වෙනුවෙන් ප්‍රමුඛ අවධානයක් ලබා දෙමින් සහ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරමින් කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩගනිමින් සිටිනවා. “System Change” ගැන කතා කරන උදවිය, ජනාධිපතිවරයාගේ මෙම සාධනීය දේශපාලන-ආර්ථික සහ සමාජ වැඩ පිළිවෙළ හමුවේ භීතියට පත්ව මේ ගමන යළි හැරවීම සඳහා විවිධ පටු දේශපාලන සටන් පාඨ කියමින් දේශද්‍රෝහී සහ ජාතිද්‍රෝහී ලාභ උත්සාහයක යෙදී සිටිනවා.ආර්ථික, දේශපාලන සහ සමාජ ප්‍රතිසංස්කරණ සිදු නොකර “System Change” කරන්නේ කෙසේ ද කියා එක්සත් ජාතික පක්ෂය ලෙස අප මේ අවස්ථාවාදීන්ගෙන් සහ බල ලෝභී අන්තවාදීන්ගෙන් ප්‍රශ්න කර සිටිනවා. ප්‍රතිසංසකරණවලින් තොරව “System Change” සිදු නොවන බව කුඩා දරුවෙකු පවා දන්නවා. මගේ අදහස නම් රට පත්ව ඇති බරපතළ ආර්ථික අර්බුදයට පිළියම් කිරීම වෙනුවෙන් පටු දේශපාලන දෘෂ්ටි වාදය පසෙකලා සැවොම එක්සත් විය යුතුයි. ඒ මන්ද මේ සුවිසල් අභියෝගය, වගකීම සහ කාර්යභාරය ජනාධිපතිවරයාට පමණක් තනිවම ජය ගත නොහැකියි. ඒ සඳහා මුළු රටම එක මිටට එකාසේ එකට ඒකරාශී විය යුතුයි. රනිල් වික්‍රමසිංහ මහතාට ඊට නායකත්වය දිය හැකියි. එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලය ලැබූ අවස්ථාවලදී ආර්ථික ප්‍රතිපත්තිය ගෝලීය ප්‍රවණතාවන්ට ගැළපෙන ආකාරයට යාවත්කාලීන කිරීමට උත්සාහ කළා. ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගත්තා. නමුත් ඒ සඳහා පැමිණි බාධා අති විශාලයි. විවිධ අවලාද නැගුවා. අපට පෞද්ගලිකව පවා සාවද්‍ය චෝදනා එල්ල කළා. ඒ චෝදනා අපේ දේශපාලන කටයුතුවලට ඉතාම නරක ලෙස බලපෑවා. නමුත් අප අපේ ප්‍රතිපත්ති වෙනස් කළේ නෑ. ඒ රට-ජනතාව වෙනුවෙනුයි.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

රවී කරුණානායක මහතා මෙම අදහස් පළකළේ කොළඹ දිස්ත්‍රික්කයේ ත්‍රී රෝද රථ රියදුරන් මුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ඉදිරි සුභසාධන කටයුතු නගා සිටුවීම සඳහා සියලු ත්‍රීරෝද රථ සංගම් නියෝජනය කරමින් “එක්සත් මගී ප්‍රවාහන සේවා වෘත්තිකයන්ගේ සංගමය” නමින් නව සංගමයක් මෙහිදී ආරම්භ කරනු ලැබූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...