මෙවර ඉතිහාසයේ දැවැන්තම මැයි රැලිය එජාපෙන් – රංගේ බණ්ඩාර

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 24, කොළඹ (LNW): පක්ෂ කිහිපයක ප්‍රධානීන් එජාපය හා එක්වීමට සාකච්ඡා ආරම්භ කර තිබෙන බවත් ඔවුන් කිහිපදෙනකු මැයි පළමු දා එජාප වේදිකාවට ගොඩවීමට නියමිත බවත් එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. ඒ අතරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඇතුළත් බව පැවසේ.

මහනුවර පාතහේවාහැට ආසනයේ පැවැති රැස්වීමකදී රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ, මෙවර එජාපය ඉතිහාසයේ දැවැන්තම මැයි රැලිය පවත්වන බවයි.

එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගොස් එදා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඇතුළු කණ්ඩායම බිහි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මේ වන විට දැඩි අර්බුද මතුව තිබෙන බවත් ඔවුන්ට මේ මොහොතේ ගතහැකි හොඳම ක්‍රියාමාර්ගය එජාපය හා එක්වීම බවත්, ඔහු කියා සිටී.

කවුරු මොනවා කීව ද මුලින් පවත්වන්නේ ජනපතිවරණය යැයි ද රංගේ බණ්ඩාර මහතා පවසයි.

බැලට් පේපර් එකේ පොහොට්ටු ලකුණු තිබිය යුතු යැයි කියන අය ඒ සලකුණ යටතේ අපේක්ෂකයකු ජනපතිවරණයට ඉදිරිපත් කරනු ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ ස්වාධීන ලකුණකින් පොදු අපේක්ෂකයකු ලෙස බවත් රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...