දින 4ක් දුන්නත් අපිට විශ්වාසයි විවාදයට සජිත් එන්නෙ නෑ, කතන්දර ඕනි නෑ, මේක මඟහරින්න තමයි මේ හදන්නෙ – ටිල්වින් (VIDEO)

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 24, කොළඹ (LNW):

අද (24) දින ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසූවේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජාතික ජන බල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සමඟ විවාදයකට එන ලෙස දින 4ක් දුන්නත් එම විවාදයට සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවන බව විශ්වාස බවයි.

තවද, විවිධ කතන්දර කියමින් මෙම විවාදයට සහභාගිවීම මඟහැරීමට සූදානම් වන බවද වැඩිදුරටත් ටිල්වින් සිල්වා මහතා පැවසූවේය.