*
Monday, May 6, 2024
spot_img

Latest Posts

මෙරෝන් අවසන් පූර්ව තරගයට-තරුෂි අවසන් තරගයට

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 24, කොළඹ (LNW): ඩුබායි හී පැවැත්වෙන විසි එක්වන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ආරම්භක දිනයේ,පෙරවරුවේ පැවැති ඉසව්වලින් මෙරෝන් විජේසිංහ අවසාන පූර්ව තරගයටත් සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

මීටර් සියය ඉසව්ව නියෝජනය කරන විජේසිංහ,තමන් සහභාගි වූ මූලික තරඟයේදී, තත්පර 10.81 ට ඉසව්ව නිමා කරමින් එහි සිව්වන ස්ථානය දිනා ගත්තා. ඔහු වාර්තා කළ එම කාලය අනුව මීටර් 100 අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

විනාඩි 2;10.46 ට ඉසව්ව නිමා කරමින් තමා සහභාගි වූ මීටර් අටසීය මූලික තරඟයේ තෙවන ස්ථානය දිනා ගත් තරුෂි අභිෂේකා අවසාන තරඟයට සුදුසුකම් ලබා ගත්තා.ඇය එසේ වාර්තා කළ කාලය අවසාන තරගයට සුදුසුකම් ලබා සිටින ක්‍රීඩිකාවන් අතරේද තෙවන තැන තිබෙන නිසා මෙන්ම ඇයගේ පෞද්ගලික හොඳම කාලය මූලික තරග වලදී වාර්තා කළ කාලයට වඩා යහපත් බැවින්ද,අවසාන තරගයේදී තරුෂි සම්බන්ධයෙන් පදක්කම් බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට හැකියි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan