ආර්ථිකය ගොඩගන්න ලංකාවට චීනයෙන් සහන …

Date:

චීනය යනු ශ්‍රී ලංකාවට කාලයක පටන් බොහෝ සෙයින් උදව් කරන මිතුරු රටකි. මූල්‍යමය වශයෙන් මෙන්ම රටට එල්ල වූ ජාත්‍යනතර බලපෑම් වලදීද චීනය ලංකාව වෙනුවෙන් පෙනී සිටි රටක්. එසේම කොවිඩ් වසංගතයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව ආරක්ෂා කරගැනීමටද චීනය අපේ රටට ලබා දුන්නේ විශාල සහයකි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට චීනය පසුගිය කාලයේ බොහෝ අවස්ථා වල සහය විය. පසුගිය දිනවල චීනයෙන් සහල් තොගයක්ද ලංකාවට ලබා දීමට කටයුතු කරනු ලැබුවා. එසේම ශ්‍රී ලංකාව වෙත හදිසි මානුෂීය ආධාර තොගයක් ලබාදීමට චීන රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් නිවේදනය කර ඇත. තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ චීන විදේශ අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතා නියෝජිත ආයතනය එක්ව මෙම ආධාර ලබාදීමට තීරණය කර ඇති බවයි.

එසේම ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.5ක මූල්‍ය පහසුකමක් ලබා දීමට චීන රජය තීරණය කර ඇති බව වාර්ථා වේ. ඒ අනුව ඩොලර් බිලියන 1.5ක් චීනයෙන් ආනයණය කරන ද්‍රව්‍ය වලට ගෙවීම් කිරීමට සහ අනෙක් බිලියනයක මුදල අනෙකුත් කටයුතු සඳහා ලබා දීමට චීන රජය එකඟ වී ඇත. මෙම මුදල ණය මුදලක් නොව මූල්‍ය පහසුකමක් බවද වත්මන් දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා මෙරට ජනතාවට උපකාර කිරීමේ අරමුණින් මෙම මූල්‍ය පහසුකම ලබාදෙන බවත් මේ සම්බන්ධයෙන් වන තොරතුරු ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

WGM – facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...