හර්තාල් කරන වෙලාවේ මඤ්ඤොක්කා ටිකක් හිටවාගන්න. තව මාස දෙකකින් සාගතය එනවා – සිංහල රාවය

හර්තාල් කිරීම හෝ උද්ඝෝෂණය කිරීම මේ නායකයින්ට නොදැනෙන බවත් එය බීරි අලින්ට වීණා වාදනය කිරීම වැනි ඵල රහිත දෙයක් බවත් සිංහල රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමි පවසයි.

“හර්තාල් කළාය කියලා උද්ඝෝෂණය කළාය කියලා මේ නායකයින්ට දැනෙන්නෑ, බීරි අලින්ට වීණා ගායනා කරනවා වගේ වැඩක්. ඉතින් අපි කියනවා හර්තාල් කරන අතරතුරදී පොහොර මළුවලට පස්ටිකක් දාලා මඤ්ඤොක්කා දඬු ටිකක් හිටවලා තියන්න. තව මාස දෙකක් යනකොට ඇතිවෙන ආහාර හිඟතාවයට පිළියමක් කරගන්න පුළුවන්, එක වේලක් කාලා හරි ජීවත් වෙන්න පුළුවන් ඒකෙන් කියන කාරණාව මතක් කරනවා. මේ රාජපක්ෂලාට රට කරන්න බැහැයි කියන එක තවදුරටත් ඔප්පු කරලා ඉවරයි”

අක්මීමන දයාරතන හිමි මේ බව පැවසුවේ ඊයේ (23) දිනයේදී සිංහල රාවය සංවිධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදීම : අත්අඩංගුවට ගත් සිරස කැමරා ශිල්පියා පොලිස් ඇප මත නිදහස් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්...

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරුව පොලිස් කොමිසම ප්‍රතික්ෂේප කරයි !

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිත්තුවක්කු...

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්