අපේ රටේ රාජ්‍ය නායකයන් පරණ හත්පත්තුවලින්ම පහළවන්නේ ඇයි ?

Date:

අපේ රටේ රාජ්‍ය නායකයන් හම්බන්තොට, පොළොන්නරුව සහ තඹුත්තේගම වැනි පරණ හත්පත්තුවලින්ම පහළවන්නේ ඇයි?

ලංකාවේ රාජ්‍ය නායකයො පත්වෙන්නෙ එක්කො ගිරුවාපත්තුවෙන් නැත්තං පොළොන්නරු පුලතිසි පුරෙන් නැත්තං අනුරාධපුර පැත්තෙ වැව්බැඳි රාජධානියකින්…

කොළඹින් හො නාගරික සමාජයේ කෙනෙක්ට රටේ රාජ්‍ය නායකයා වෙන්න ලේසි නැත.. හේතුව රටේ නායකකමට චන්දෙ ඉල්ලන නාගරිකයෙකුට මේ රටේ මිනිස්සු චන්දෙ දෙන්නෙ නොදීමයි..

රාජ්‍ය නායකකමට චන්දෙ ඉල්ලලා දිනපු නගරෙ මිනිහෙක් ඉන්නවා නම් ඔහු රෙද්ද බැනියමට, සරමට බැහැලා ගැමියෙක් ලෙස වෙස්වලාගෙන ඇවිත් මහජනයා අන්දපු කෙනෙක්..

මේ සංතිතියට හේතුව අපේ රටේ මිනිස්සු හිතාන ඉන්නෙ රට ගොඩනගන ක්‍රමේ තියෙන්නෙ පරණ විදියට අටුකොටු පුරවන සහ වැව් හාරවන අපේ විදියේ අතීත ක්‍රමවේදයක් තුල බවයි.. ඒකට නායකත්වය දෙන්න සුදුස්සන් වන්නේ පරණ රාජධානි වල ඉපදුන, ගැමි ගතිකයන් සහිත නරපතියන් යැයි අපේ ජහමනයා සිතයි..

ලෝකය සමඟ ඒකාබද්ධව ගෝළීය ආර්ථිකයකට ලංකාව සම්බන්ද කරමින් මේ පුන්චි දූපත ලෝක සිතියම තුල යාවත්කාලීන කිරීමට හදන රාජ්‍ය නායකයන් අපේ ජනතාවට අනුව රට පාවා දෙන්නෝ වෙයි.. ඔවුන්ව බටහිර හෙන්චයියන් ලෙස හංවඩුද ගැසේ..

එහෙව් ජනතාවට සදා සම්මුඛ වන්නේ තකට තක ජනනායකයන්‍ ය..

ඇත්ත හැත්තෑ ගානක ශාපය මෙයයි.. මෙය හැත්තෑ හයකින් නතර නොවේ අසූ වසරක් අනූ වසරක්.. සීයක්… දිගටම පුනරාවර්තනය වෙමින් හතර අතට ගඳගස්සමින් එකතැන පල්වෙයි..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ අයවැය: පාන් ගෙඩියට අයිසින් ගාලා පාන් කවන්න බැහැ. අදත් පරද්දනවා – ඒකාබද්ධ විපක්ෂය

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අද (31) දිනයේදීත් කොළඹ මහ නගර...

එළැඹෙන වෙසක් පොහෝ දිනයෙහි වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW: මෙවර වෙසක් පුර පසලොස්වක...

පිතිකරු නාමාවලිය වෙනස් කිරීම පරාජයට හේතු වූවා ද? හසිනි සහ දුලානිගෙන් ඉන්දියාවට රිඳෙන ඉණිම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ඉන්දියාව සමඟ පැවති විස්සයි...

ඉරානයේ මුදල් ඒකක පහත වැටීම හේතුවෙන් විරෝධතා අඛණ්ඩව තුන්වන දින දක්වා ක්‍රියාත්මක වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ මුදල්...