ශ්‍රී ලංකා ඒ අපරාජිතව අවසාන තරගයට

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 24කොළඹ LNW:

අබුඩාබි හී පැවත්වෙන ශ්‍රී ලංකාව,ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය නියෝජනය කරමින් එරට ඒ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ අවසාන තරගය සඳහා අපරාජිතව පිවිසෙන්නට ශ්‍රී ලංකාව සමත් වුණා.ඔවුන් අවසාන වශයෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුලු 4 න් පරාජය කර මේ අවස්ථාව උදා කර ගත්තා.

ඇෆ්ගනිස්තානය සමඟ තරගයට පිවිසෙන විටත් ශ්‍රී ලංකාව අවසාන තරගය සඳහා සුදුසුකම් ලබා තිබූ නිසා මේ තරගය සඳහා නායක සදීර සමරවික්‍රම මෙන්ම දුෂාන් හේමන්ත,ඩිල්ෂාන් මධුශංක මෙන්ම ලහිරු උදාර ද විවේක ගන්වා තිබුණා.සධීර වෙනුවට නායකත්වය පැවරුණු නුවනිදු කාසියේ වාසිය ලබා ගෙන පන්දුවට පහර දීමට ඇෆ්ගනිස්තානයට ඇරයුම් කළ අතර ඔවුන් පන්දු ඕවර් 50 නිමාවන විට කඩුලු 8 ක් දැවී ලකුණු 228 ක් රැස් කරන්නට සමත් වුණා.


මෙම තරගයේදිත් මීට පෙර ශ්‍රී ලංකා ඒ සහ ඇෆ්ගන් ඒ කණ්ඩායම අතර පැවති තරගයේදී මෙන්ම ඇෆ්ගනිස්තානය වෙනුවෙන් පිත්තෙන් හුදෙකලා සටනක නිරත වුණ ඇෆ්ගන් නායක ඩාර්විස් අබ්දූල් රසූල් ලකුණු 228 න් ලකුණු 76 ම උරුමක්කාරයා වුණා.ඔහු කඩුලු රකින්නා වන ඉක්රාම් අලිඛිල් (36) සමඟ සිව්වන කඩුල්ලට ගොඩ නඟපු ලකුණු 73 ක් සබඳතාවය මෙන්ම ඉණිමේ අවසාන භාගයේ දී ක්වයිස් අහමඩ් නොදැවී රැස් කළ වේගවත් ලකුණු 36 ද නොවන්නට ඇෆ්ගනිස්තානයට සිය ඉණිම 228 දක්වා රැැඟෙන යන්නත් ඉඩ නොලැබෙන්න තිබුණා.


මෙම ජයග්‍රහණයේ විරයා වූ තරිඳු රත්නායක පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 45 ට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වූ අතර මිලාන් රත්නායක ලකුණු 44 ට කඩුලු 2 ක් සහ වනුජ සහන් ලකුණු 33 ට කඩුලු 2 ක් දවා ගනිමින් ඇෆ්ගන් ඒ පිතිකුරුවන්ට විශාල පීඩනයක් එල් කරනු ලැබුවා.


පිළිතුරු ඉණිම වෙනුවෙන් ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 232 ක් ලබා ජය ගත් අතර ඒ සඳහා ඔවුන් වැය කළේ පන්දු ඕවර් 39 ක් පමණයි.එහිදී ශ්‍රී ලංකාව ඉණිම ආරම්භ කිරීමට චමිදු වික්‍රමසිංහ කැදවා අත්හදා බැලීමක් කළ ද එය එතරම් සාර්ථකත්වයට පත් වුණේ නැහැ.එහෙත් ශ්‍රී ලංකා ඒ කන්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූ කමිල් මිශාර (81) සමග නායකත්වය දැරූ නුවනිඳු ප්‍රනාන්දු (51) එක්ව දෙවන කඩුල්ලට ලකුණු 110 ක සබඳතාවයක් ගොඩ නඟමින් ජයග්‍රහණය පහසු කළා.එහෙත් ශ්‍රී ලංකාව අනපේක්ෂිත ලෙස අවදානම් සහගත තත්ත්වයකට පත් වූ අතර එහිදී තරගය නිමා වන තෙක් ප්‍රහාරාත්මක සැළසුමක් මත ක්‍රියාත්මක වූ පවන් රත්නායක නොදැවී ලකුණු 46 ක් ලබමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ අපරාජිතත්වය රැක ගැනීමට සමත් වුණා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද ?

ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු...

අද (29) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 29) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ජාතික ආරක්ෂාවට වැදගත් වන ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න වත්මන් රජය අපොහොසත් වෙලා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මිද්දෙනිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමත්...

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...