‘සෑම ත්‍රස්තවාදියෙකුටම සහ ඔවුන්ට අනුග්‍රහය දක්වන්නන්ට දඩුවම් කරන බව’ මොදී කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හි දේශීය සංචාරකයන්ට එරෙහි එල්ල වූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ලෂ්කර්-ඊ-තායිබා සටන්කාමි කණ්ඩායම බාර ගැනීමත් සමඟ සෑම ත්‍රස්තවාදියෙකුටම සහ ඔවුන්ගේ අනුග්‍රහය දක්වන්නන්ට දඩුවම් කරන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදී ප්‍රකාශ කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා මේ බව අද(24) බිහාර්හි මධුබානි දිස්ත්‍රික්කයේපැවති මහජන රැලියක් අමතමින් මේ බව ප්‍රකශ කර තිබිණි.

ඉන්දියාව සහ පාකිස්තානය යන දෙකම සම්පූර්ණයෙන්ම හිමිකම් කියන කාශ්මීරය දශක ගණනාවක් තිස්සේ ගිනි අවුලුවන ස්ථානයක් වී ඇති අතර මේවන විට ඉන්දියාව විසින් පකිස්තානය සමඟ ඇති ප්‍රධාන දේශ සීමා හරස් මාර්ගය වසා දමා, හමුදා රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හැර, වසර හයක් පුරා පැවති ජල ගිවිසුම් අත්හිටුවා තිබේ.

ඉස්ලාමාබාද්හිදී, පාකිස්තානු අගමැති ෂෙබාස් ෂරීෆ් පකිස්ථානයේ ප්‍රතිචාරය සාකච්ඡා කිරීම සඳහා ජාතික ආරක්ෂක කමිටුවේ රැස්වීමක් පැවැත්වීමට නියමිත බව නිවේදනය කර ඇති අතර කාශ්මීර ප්‍රහාරය කලාපය තුළ ඉන්දියාව සහ පාකිස්තානය අතර නව ගැටුමක් පිළිබඳ බියක් ඇති කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් රාජධානිය සරණාගතයින් වෙනුවෙන් ගත් දැඩි තීරණය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය විසින්...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : හෙට (17) දිනයේදී...

“සෙවණැලි 63 ක් ඔබ පසුපස එනු ඇත”මැසිඩෝනියාවේ විරෝධතාකරුවන් දහස් යුක්තිය ඉල්ලා වීදි බසී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාර්තු...

වසරේ සමස්ත සංචාරක ඉපැයීම් ඉහළට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මෙම වසරේ ජනවාරි...