ඉතිහාසයේ පළමුවරට අපේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 ඉක්මවලා – ඇමති මහින්ද

ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාවේ වාර්ෂික ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 5000 ඉක්මවා ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

“මා දැක්කා මහබැංකු වාර්තාවක් නිකුත් කරලා තිබෙනවා ඉතිහාසයේ පළවෙනි වතාවට අපේ රටේ එක පුද්ගලයකුගේ ආදායම ඩොලර් 5000 ඉක්මවලා තිබෙනවා කියලා. හැබැයි අපි දන්නවා මේ ඩොලර් 5000 කියලා කියන්නෙ මුළු ආදායම ජනගහණයෙන් බෙදුවාට පස්සෙ එන එක. නමුත් අපේ රටේ ජනගහණයෙන් හතරෙන් එකක් අපි හඳුනාගන්නෙ දුප්පතුන් ලෙස. ඒ නිසා අපේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා මේ හැමෝගෙම ජීවිත ලස්සන කරන්න. මේ රට පොහොසත් කරන්න ඕනෙ හැම පැත්තකින්ම, ඒ වගේම මේ රටේ ජනතාවගේ ජීවිත ලස්සන කරන්න ඕනෙ. ඒ වෙනුවෙන් තමයි අපි උත්සාහ ගනිමින් ඉන්නේ. අපේ නගරාධිපතිතුමා කිව්වා වගේ අපි කාටවත් මේකෙන් ලැබෙන පෞද්ගලික ලාබයක් නැහැ. අපිට තියෙන්නෙ ආත්ම තෘප්තිය විතරයි”

මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (23) ඇටිකෙහෙල්ගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...