හිටපු නීතිපති අදත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාස්කු ප්‍රහාර සිද්ධියේ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා යළිත් අද (24) දිනයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා ඇත.

පසුගිය 19 වැනිදා සහ 21 වැනිදා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවට හිටපු නීතිපතිවරයා කැඳවා තිබුණ ද ඔහු ඒ සඳහා පැමිණියේ නැති අතර ,ඒ වෙනුවට නීතීඥවරුන් මාර්ගයෙන් හිටපු නීතිපතිවරයා කරුණු ඉදිරිපත් කර තිබුණි.

මෙවර යළිත් වරක් නීතිපතිවරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට කැඳවීමට පියවර ගෙන ඇති අතර , මෙවර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ හිටපු නීතිපතිවරයා පෙනී නොසිටියහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගංවතුරට අහුවෙලා තියෙන්නේ විපක්ෂය. ඇත්තටම අවතැන් වෙලා ඉන්නෙ විපක්ෂය – මාලිමා මන්ත්‍රී චමින්ද

මේ ගංවතුර ආපදාව විපක්ෂයට ගොඩයාමට හැකි අවස්ථාවක් යැයි ඇතැමුන්...

වැසි තත්වයේ වෙනසක් – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 22) දිනයේදී ඌව පළාතේ...

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...