Saturday, June 3, 2023
spot_img

Latest Posts

ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් අද

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙන අතර , සවස 5ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම රැස්වීම පැවැත්වෙන බව සභා නායක, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ කොන්දේසි සම්බන්ධයෙන් මෙම සතියේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත අතර ඒ සඳහා ආණ්ඩු පක්‍ෂයේ කථික ලැයිස්තුව සකස් කිරීමද අද දිනයේ සිදු කිරීමට නියමිත අතර , සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමද අද රැස් වේ.

එම පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් තුෂාර ඉඳුනිල් පැවසුවේ, පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සම්බන්ධයෙන් වන විවාදය පිළිබඳ එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.


Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.