මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්ගෙන් අලුත් වැඩක් !

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 25, කොළඹ (LNW): පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් නව කාර්යාලය නුවරඑළියේදී විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ , පවතින ජාතික හැඳුනුම්පතට වඩා හොඳ හැඳුනුම්පතක් ඉදිරියේදී ලබාදීමට පියවර ගන්නා බවයි.

ඒ අනුව දැනට තිබෙන ජාතික හැඳුනුම්පතේ ඇති බාර් කෝඩ් එක ඉවත්කොට ඒ වෙනුවට කිව්.ආර් කෝඩ් සමඟ නව හැඳුනුම්පත ළඟදීම ලබාදෙන බවද අමාත්‍යවරයා කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ , ජාතික හැඳුනුම්පත් ලබාගත හැකි ස්ථාන 340ක් ඇති බවත්, රජයට මුදල් ප්‍රශ්න ඇති නමුත් රට පුරා කාර්යාල විවෘත කර ජනතාවට සේවය ලබාදීමට කටයුතු කරන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...