මම ගෝඨාභයගෙයි ආණ්ඩුවෙයි සීමා දන්නවා, මට ඒ ගැන විවේචනයක් පවා තියෙනවා – පතිරණ

Date:

තමන් ගෝල්ෆේස් අරගලයට එරෙහි වන්නේ ආණ්ඩුවට පක්ෂ නිසා නොව එම අරගලකරුවන් රටේ සැබෑ ප්‍රශ්නය මඟහැර ඇති නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.

ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ අදහස පහතින් දැක්වේ.


සමහරු හිතන්නෙ මම මේ ගෝල්ෆේස් විරෝධතාවලට එරෙහි වෙන්නෙ ආණ්ඩුවට පක්ෂ නිසා කියල. ඇත්තටම මට තියෙන්නෙ එහෙම හේතුවක් නෙමෙයි. මම ගෝඨාභයගේ සීමා හා ආණ්ඩුවේ සීමා හොඳින් දන්නවා. ඒව ගැන මට දැඩි විවේචනයක් පවා තියෙනව. ඒත් මේ විරෝධතා එල්ල වෙලා තියෙන්නෙ ප්‍රශ්නය විසඳන්න නෙමෙයි.

ආණ්ඩුවේ ප්‍රශ්න නිසාම මේ අර්බුදය ඇති වුනාම කියල මොහොතකට හිතුවත්, දැන් ඔය ගෝල්ෆේස් කේන්ද්‍රීය විරෝධතාව අපේ රටේ ප්‍රවේණිගත ප්‍රශ්නවලට පිළිතුරු ඉල්ලන්නෙ නැහැ. හැමෝම ඉල්ලන්නෙ පරණ සිස්ටම් එක ආපහු අපට හදල දෙන්න කියල. ඔතන ඉන්නෙ තරුණ කොටස්. හැබැයි ඒ අය එක වචනයක් කතා කරන්නෙ නැහැ මේ රටේ කර්මාන්ත බිහිකිරීම ගැන, අපනයන ආදායම් වැඩි කර ගන්න එක ගැන, අයවැය පරතරය අඩු කරගන්න එක ගැන, නොමිළේ දෙන අධ්‍යාපනය හා සෞඛ්‍ය දළ දේශීය නිෂ්පාදිතයට ඵලදායි ව යොදාගන්න ආකාරය ගැන වගේ මේ එකක්වත් ඔතන කතා කරන්නෙ නැ.

මේ ප්‍රශ්න විසඳන්නෙ නැතුව ලංකාව අලුතෙන් හදන්න බැහැ. ලංකාවේ ප්‍රශ්නය හොරකම හා දූෂණය කියල මතයක් හදල තියෙනව. අපි බලමු. ලංකාව ඉන්නෙ දූෂණය ගැන වන ලෝක ශ්‍රේණි ලැයිස්තු⁣වෙ 102. බංග්ලාදේශය 140 ඉන්නෙ. තායිලන්තය 110. හැබැයි ආර්ථික වශයෙන් අපට වඩා ඔය රටවල් දැනට ඉදිරියෙන්. ඒ කියන්නෙ දූෂණය හා සංවර්ධනය සම්බන්ධ වෙනව නම් වෙන්නෙ ඉතාම දුරින්. හැබැයි අද හදල තියෙන මතයට අනුව, අපට මෙහෙම වෙලා තියෙන්නෙ දූෂණය නිසා. ඉතිං මිනිස්සු දූෂණය නැති කරන එක පස්සෙ යනව මිසක් තිරසාර සංවර්ධනයක් පිළිබඳ අනෙත් සියළු සාධක අමතක කරනවා. මම හිතන්නෙ මේක අපේ ඔළුවලට දාපු පිදුරු පඹයෙක්.

ඒ නිසා කරන්න ඕන, මම අර උඩින් කියපු ලැයිස්තුව අපේ සංවාදවල මුදුනට ගන්න එක. රටක් හා මිනිස්සු ආර්ථික වශයෙන් ස්ථාවර වෙනකොට ලංකාව වගේ ඉහළ අධ්‍යාපනයක් තියෙන රටවල ඔවුන්ගේ හොරකම් දූෂණත් අඩු වෙනවා. ඒ නිසා විරෝධතා කරන්න ඕන අපේ මූලික ව්‍යුහාත්මක, ප්‍රවේණිගත ප්‍රශ්න ටික විසඳගන්න මිසක් රට තියෙන තැනින් තවත් ඇදල දාන්න නෙමෙයි.

  • මහින්ද පතිරණ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...