අප්‍රේල් හටන් කවි – මංජුල වෙඩිවර්ධන

Date:

නායක හැතිකරේ වම වල්මත් කෙරුව
සාටක දෙපා මුල රඳවා හොටු පෙරුව
වීරියෙ සටන් පාඨය යළි අතදැරුව
සෝයුරු, විජේරාමය හොල්මන් කෙරුව

උතුරෙ දකුණෙ දස දහසින් බිලි ගත්තු
වියරු උමතු ඝාතක පාලක සත්තු
උතුර උතුර ගැලු රුහිරින් නා ගත්තු
තිසරු ගීත මුමුණනවයි බැතිමත්තු

විනිසුරු අණින් හැකිළෙන්නෙද හටන් බිම
අඳුරට එරෙහිවයි අරගල නැගෙන්නෙම
බිඳලනු පිණිසමයි බැරියර තැනෙන්නෙම
අගමැති මැදුරෙ පවුරෙකි කවි ලියන්නම

උතුරුකර කඳුළු සටනට ගෙනෙන් සකී
නැගෙනහිර නැඟෙන දුක් ගිනි ගෙනෙන් සකී
ගැඹුරු පෙමින් අත් පටලා ගනින් සකී
සකල හඬට හද සමබිම දියන් සකී

වීදියේ සටන් අරගල හුරුවන්ට
පීදෙනා හෙටක් සේරම දරුවන්ට
රෝස මල් නොදෙව් පාහර මරුවන්ට
ආදරේ දියව් වීදියෙ විරුවන්ට

-මංජුල වෙඩිවර්ධන
-2022.04.24

ඡායාරූපය :- තමල් මන්ජිත වීරසිංහ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්කම්පිටිය පොලීසියේ OIC අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඔක්කම්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් හෝ...

හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල පාතාල නායකයකු වන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා...

Tasty Tuesday: Pasta ඩිෂ් එකක් හොය හොය හිටිය අයට! Creamy Garlic Parmesan Pasta!

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...