*
Monday, September 30, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 119 – හෑන්ක් උද්ධමන දර්ශකය

ශ්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමනය 2022 අප්‍රේල් 21 වන විට සියයට 119 දක්වා ඉහළ ගොස් ඇති බව එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කීර්තිමත් ආර්ථික විශේෂඥයකු වන මහාචාර්ය ස්ටීව් හෑන්ක් මහතා ගේ උද්ධමන දර්ශකය පෙන්වා දෙයි.

ඒ අනුව, ලොව ඉහළම උද්ධමනයන් හිමි රටවල් වලින් තුන්වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

ඉහළම උද්ධමනය පවතින්නේ සිම්බාබ්වේ රාජ්‍යයයට වන අතර එය සියයට 207 කි. දෙවන ඉහළම උද්ධමනය හිමිවන්නේ ලෙබනනයට වන අතර එය සියයට 150 කි.

එමෙන්ම, ශ්‍රී ලංකාව තුළ 1884 සිට 1950 දක්වා පැවති අන්දමේ මුදල් මණ්ඩලයක් (Currency Board) යළි පිහිටුවීමේ අවශ්‍යතාව මහාචාර්ය හෑන්ක් මහතා අවධාරණය කර සිටියි. ඒ මෙම උද්ධමනය යළි පහත දැමීම හා රුපියලේ අගය ආරක්ෂා කර ගැනීම සඳහා බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත්, මෙම උද්ධමන දර්ශකයේ දත්ත පිළිගැනීමට ශ්‍රී ලංකාවේ ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් සූදානම් නැති වීම ද විශේෂත්වයකි.

MIAP

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan