*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ආර්ථික අර්බුදය මධ්‍යයේ කඩා වැටෙන ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය සේවය! (VIDEO)

රට මුහුණ දෙමින් තිබෙන ආර්ථික අර්බුදය මධ්‍යයේ රෝහල්වල ඖෂධ සහ අත්‍යාවශ්‍ය සැපයුම් හිඟ වෙමින් පවතින බවට ශ්‍රී ලංකාව පුරා සිටින වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය අවධාරණය කරයි.

රජය විසින් මිල ඉහළ දැමීමෙන් 29%ක් දක්වා ඉහළ යෑමෙන් අනතුරුව අත්‍යාවශ්‍ය ඖෂධ මිල ගණන් මෙලෙස හදිසියේ ඉහළ යාම නිසා මෙම අර්බුදය හටගෙන තිබේ. රටේ ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා ආයතනයේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රජයේ මෙම ප්‍රතිපත්තිවලට එරෙහිව වීදි බසින් විරෝධතාවය පළ කිරීමට පටන් ගෙන තිබේ.

රට පුරා රෝහල්වලට ජීවිතාරක්ෂක ඖෂධ සහ වෛද්‍ය උපකරණ විශාල ප්‍රමාණයක් අවශ්‍ය බව සෞඛ්‍ය නිලධාරීන් පෙන්වා දෙයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ප්‍රකාශක වෛද්‍ය වාසන් රත්නසිංහම් මහතා මේ සම්බන්ධයෙන් දක්වන්නේ මෙවන් අදහසකි.

“ඉන්ධන, පෙට්‍රෝලියම්, ගෑස් සහ අත්‍යාවශ්‍ය ඖෂධ සඳහා පෝලිමේ රැදී සිටින ජනතාව රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් පවතින අතර ඉදිරියේදී ඇතිවිය හැකි ආපදා තත්ත්වයක් පවතින බව වෛද්‍යවරුන් නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට (GMOA) වැටහී තිබේ. ජීවාරක්ෂක සහ අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අත්‍යාවශ්‍ය ඖෂධ 237ක සහ ජීවාරක්ෂක ඖෂධ 5ක හිඟයක් පවතින බව වෛද්‍ය සැපයුම් අංශ සමඟ කළ සාකච්ඡාවේදී බලධාරීන් අනාවරණය කරගෙන ඇති අතර ප්‍රමාණවත් ඖෂධ කිහිපයක් සති කිහිපයකට පමණයි.ඉතින් මේ පසුබිම තුළ රටේ බොහෝ රෝහල්වල ශල්‍යකර්ම සහ අනෙකුත් සාමාන්‍ය රාජකාරි සහ වගකීම් නවතා තිබෙනවා.මෙය අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය නිසා සෞඛ්‍ය අංශ කඩාවැටීමට ආසන්න තත්ත්වයකට පත්වෙලා.” යනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ප්‍රකාශක වෛද්‍ය වාසන් රත්නසිංහම් මහතා මෙලෙස අදහස් දැක්වීය.

“අපිට පහුගිය දවස්වල දකින්නට ලැබුණා රජයේ පාර්ශ්වය නිල මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා රට තුළ කිසිඳු ඔෂධ අර්බුදයක් නැහැ කියලා. අපි ඇත්තටම අපේ දැඩි අප්‍රසාදය පළකර තිබුණා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට (GMOA) විදිහට. මෙවැනි වැරදි සහ අදූරදර්ශී ප්‍රකාශ මාධ්‍යයට රජය මගින් නිකුත් කිරීමෙන් සිදුවන්නේ රටේ ජනතාව සම්පූර්ණයෙන්ම මුළාවේ හෙළීමක් තමයි සිදුවන්නේ. එම නිසා අපි ලැහැස්ති නැහැ රටේ ජනතාව මුලාවට දාලා ඔවුන්ට ප්‍රශ්නයක් වන තැනට මේ ප්‍රශ්නය අරගෙන යෑමට අපි සූදානම් නැහැ. ඒ වගේම අපි මහජනතාවගේ පැත්තේ හිටගෙන ඔවුන්ගේ මේ නිදහස් සෞඛ්‍යය ආරක්ෂාකරගන්න,ඔවුන්ට තියෙන බෙහෙත් ටික ආරක්ෂාකරගන්න රටේ මහජනතාවට නිසියාකාර සෞඛ්‍යය සේවයක් ලබාදෙන්න ඕනේ කියන මතයේ ඉඳල අපිට පුළුවන් උපරිම මට්ටමට එහා ගිහිල්ලත් අපි කටයුතු කරන්න බලාපොරොත්තුවෙනවා ශ්‍රී ලංකාවේ මහජනතාවගේ හොඳ සෞඛ්‍යය වෙනුවෙන්.” යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා මෙලෙස අවධාරණය කරමින් කියා සිටීයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan