ඊයේ රෑ ජනාධිපතිතුමාම නුවරට බැස්ස. බැතිමතුන් එක්ක කතාබහ කළා. වීදි දිගේ ඇවිදගෙන ගිහිල්ල මිනිස්සු මුණගැහුණා. තිබ්බ ප්‍රශ්න කතාකළා. මිනිස්සු ආදරෙන් අනුර ජනාධිපතිතුමා නැත්නම් එයාලගේ කීරවැල්ලේ කුමාරය පිළිගත්තා. අම්මල ගොඩක් ආදරෙන් අනුරට සමාචාර කරනවා මම දැක්ක බුකියේ සංසරණය වන වීඩියෝ වලින්.
ගොඩක් ප්‍රශ්න අමතක වෙන්නත් ඇති මිනිස්සුන්ට. මොකද මිනිස්සුන්ගේ නුවරාගමනයේ නැත්නම් දළදාගමනයේ කේන්ද්‍රය අනුර. වෙන කවුරුවත් නෙවෙයි.
මිනිස්සුන්ට මතකයි මීට කලින් රජවරු සහ කුමාරවරු කරපු දේවල්. කුමාරවරු නුවර විදී දිගේ කාර් රේස් පැද්ද. එළි වෙනකල් හොන්ඩා, සුසුකි, ටොයෝටා විතරක් නෙවෙයි අවුඩි, ලැම්බෝගිනි, ෆෙරාරි නුවර විදී දිගේ ඉගිල්ලුනා. රේසිං සද්දෙට කන් බිහිරි වුණා. කාටවත් මුකුත් කියන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. කිව්වනම් සිද්ද වෙන දේවල් අපි දැනගෙන හිටිය.
ඇත්ත බොරු නම් මම දන්නේ නැහැ. සමහරු ප්ලෑන් කළා පුළුවන්නම් දළදාව හම්බන්තොටට නැත්නම් දකුණට අරන් යන්නත්. රජ්ජුරුවෝ ඉන්න තැනට ඒක වැඩමවන්න පුළුවන් කියල තියරිත් හැදුව. නුවර මිනිස්සුන්ට ඕව අමතක නැහැ. මැරිලා ඉපදිච්ච කවුරුවත් එහෙ නැහැ.
අනුරට මේ ආදරය ලැබෙන්නේ එහෙම කන්ද උඩරටකින්. අනුර කන්ද උඩරටට හානි කළේ නැහැ. ඔවුන්ගේ ඓතිහාසික ගෞරවය ඔවුන්ට දුන්න. නුවර අනන්‍යතාව ඔවුන්ට දුන්න. සාමාන්‍ය මිනිස්සුන්ගේ අභිලාෂයට ගරුකලා. ඇත්ත ජනතා නායකයෙක් හැටියට ආගම වැරදි ලෙස පාවිච්චි කළේ නැහැ. දළදා වන්දනා කළමනාකරණයේ ඇතැම් අවුල් තිබ්බත් මාලිමාව බලයට ඇවිත් නුවර රේසිං කාර් පැද්දේ නැහැ.
විශේෂයෙන් බොරු ආගමික ආලයක් පෙන්නුවෙත් නැහැ. මේක සුවිශේෂී වෙනසක්.
අද මාලිමාව විවේචනය කරන ගොඩක් අය බලය තිබ්බ වෙලාවේ කරපු ‘දේශපාලනය’ මිනිස්සු දන්නවා. ඒක අමතක නැහැ එයාලට. අනුරට නුවරින් එන ආදරයේ දේශපාලනයට ඉතිහාසයක් තියනවා. ඒක අපි තේරුම්ගන්න ඕනි.
රටේ අනික් හැම තැනටමත් ඒක අදාලයි. මිනිස්සු යම් ගුණාත්මක දේශපාලන වෙනසක් අපේක්ෂා කළා (qualitative change). අවම වශයෙන් මතුපිට තලයේ. ඒක යම් දුරකට මාලිමාව කරමින් ඉන්නවා.
අලුත් දේශපාලනයක් ගැන හිතන්නනම් අනික් අය තමන් ගැන ලොකු ස්වයං විවේචනයක් වෙත යන්න වෙනවා. එක පැත්තකින් අලුත් පටන්ගැනීමක් අවශ්‍යයි තමයි. ඒත් අනුර පාර්ලිමේන්තුවේ මෙහෙම කියනවා. ‘ඔයාලට බලය ඕනිනම් අපිට වඩා හොඳ වෙන්න’. මම කියන්නේ ගැඹුරු දේශපාලන අර්ථයකින් ඒක හරි කියල.
එහෙම හොඳවෙන්න, යහපත්වෙන්න, වෙනස්වෙන්න පුළුවන්ද කියන එක ඉතිං වෙනම කාරණයක්…
මහෙෂ් හපුගොඩ
