විරෙන් ලෝකයේ අංක පහට දුන්න අභියෝගය

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 25, කොළඹ LNW:

ගෙවුණු නින්ග්බෝ බැංකු ආසියානු බැඩ්මින්ටන් සූරතාවලියේ දී ශ්‍රී ලංකාවේ ජාතික සූරයා වන විරේන් නෙත්තසිංහ මේ මොහොත වන ලෝක ශ්‍රේණිගත කිරීම්වල පස්වන තැන සිටින චීනයේ ලී ෂී ෆෙන්ග් ට එරෙහිව පරාජය ලැබුවත් ඉතා විශිෂ්ට තරගයක් ලබා දෙන්නට සමත් විය.ලෝකයේ විශිෂ්ඨම බැඩිමින්ටන් ජාතිය ලෙස පිළිගැනෙන චීන ජාතිකයෙකු වන ලී ට එරෙහිව චීන ක්‍රීඩා ලෝලීන්ගේ උද්යෝගීමත් කිරීම් මැද අවුරුදු 21 ක තරුණ ක්‍රීඩකයෙක් හැටියට විරේන් පෑ දස්කම ඉතා ඉහළින් පැවතිණ.


දරා ගැනීම,මානසික ඒකාග්‍රතාවය මෙන්ම ප්‍රතික්‍රීයක වේගය අතින් ඔහු දැක් වූ හැකියාව සමඟ ලී ට විරේන් අභිබවා යාමට සිඳු වූයේ ලකුණු 21 – 19 සහ 21 -19 ක් ලෙස ය.ඉකුත් කාලයේ වැඩි දේශිය ක්‍රීඩක පිරිසකට ජාත්‍යන්තර අත්දැකීම ලබා දීම සඳහා පෞද්ගලිකව සිය ධනය පවා වැය කරමින් වත්මන් බැඩිමින්ටන් සභාපති රොහාන් ද සිල්වා විසින් ගත් උත්සාහයේ අනගිතම ප්‍රතිපලය වන විරේන්,මේ තරගයේදී සමස්ත ලාංකේය බැඩිමින්ටන් ක්‍රීඩාව කෙරෙහිම ලෝක බැඩිමින්ටන් ප්‍රජාවගේ අවධානය යොමු කරවන්න සමත් විය.


මේ සමඟ ඇත්තේ විරේන් ගේ විශිෂ්ඨ දක්ෂතාවලින් ඔපවත් වුණ එම තරගයයි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...