රථ ගාය නිසා දේශබන්දුට තවත් බරපතළ නඩුවක් වැටෙයි. මාතරින් ලැබුණු නියෝගය මෙන්න !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වැලිගම W15 හෝටලයට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිට අප්‍රේල් 10 වනදා ඇප මත නිදහස්ව මාතර මහේස්ත්‍රාත් අධිකරණ භූමියෙන් පිටව යන අවස්ථාවේදී අධිකරණය ලබාදී තිබූ නියෝගයක් කඩකිරීම හරහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට අපහාස කර ඇති බව මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (අප්‍රේල් 25) ප්‍රකාශ කළේය.

ඒ අනුව, මුල් අවස්ථාවේදී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති නිසා දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පවරන ලෙසයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.

පසුගිය අප්‍රේල් 10 වනදා ඇප ලැබුණු දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් යටතේ තම මෝටර් රථය අධිකරණ භූමිය තුළටම ගෙන්වා ගෙන පිටව යාමට අවසර ලබාදෙන ලෙස ඔහුගේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබුණු නමුත් මහේස්ත්‍රාත්වරයා ඊට අවසර ලබාදී තිබුණේ නැත. එසේවෙතත් අධිකරණ භූමිය තුළට ගෙන්වා ගත් සුඛෝපභෝගී මෝටර් රථයකින් දේශබන්දු තෙන්නකෝන් පිටව යන ආකාරය මාධ්‍ය වාර්තා කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...