අනන්තයෙන් ආ සිහින කුමරෙකුගේ නික්ම යෑම සහ අරගලයේ “මානසික රෝගියකුගේ” නික්ම යෑම!

Date:

කොළඹ (LNW):ජීවිතයක් ලබා ගැනීම ම ජයග්‍රහණයක්, ඒ වාගේම ජීවිතයක් පවත්වාගෙන යෑම ඊට වඩා ජයග්‍රහණයක්! ජීවිතයේදී මුහුණ දීමට සිදුවන අපමණ දුක් ගැහැට / සිත් තැවුල් / සතුට මේ මේ දේවල් සමබරව ඕනෑම අයෙක්ට ඇති විය හැකි ය. ඒවා විඳ දරාගෙන අපි ගෙවාගෙන යන ජීවිතය විටෙක විඬාබර වන තැන් එනවා නිසැකය. එවැනි අවස්තාවක දී ගන්නා නොමනා තීරණ ආයෙත් නොයෙන ගමන් වුව ද යාමේ තැනට ඔබව ඇඳ දමනවා විය හැක.

Suicide එහෙමත් නැතිනම් සියදිවි හානිය කියන්නේ මේ දිනවල පවතින සුලබ සිදුවීමකි. අරයා ගෙල වැලලාගෙන, මෙයා වස බීලා, එකී නොකී මෙකී අයුරින් තම ජීවිතය පිළිබඳ මහන්සියක් දැනුණු තැන දැන් සියල්ලම පුරුදුව සිටින්නේ “ආ මන් දැන් හිටියා ඇති දැන් තමයි රෙස්ට් එකක් ගන්න ඕනි කාලේ කියලා ජීවිතෙන් ඉක්මනට චුත වෙලා යන අලුත්ම ට්‍රෙන්ඩ් එක.. “

අපි කියන පළියට මිනිස්සුන්ට දරාගන්න බැහැ තමයි ඒත් දරාගන්න අපි හැමෝම පුරුදු වෙන්න ඕනි කියන්නේ කට කහනවාට නෙවෙයි ඒක අපේ ජීවිතේට මෝටිවේශන් එකක්.. ඒක සාමාන්‍ය මනුස්සයාටත් එකයි, ජනප්‍රිය අයෙක්ට උනත් එකයි.. හිත් කඩා වැටීම් වෙන්න තත්ත්වය තරාතිරම වත් පොහොසත්කම් මේ කිසි දෙයක් බලපාන්නේ නැති අතර පුංචි පැළක වේලක් කාලා ඉන්න මිනිහගේ සතුට හැඳි ගෑරුප්පු වලින් කන මිනිහගේ තුළ නැති විය හැකි බැවිනි. එවැනි කණගාටුදායක සිද්ධියක් ගැන කොරියාවට දිවෙන සටහනකි මේ..

ලොවවටා තරුණියන්ගේ හඳබැඳි K-pop තරුවක් වන Moonbin ඔවුන්ගේ හඳවත් පසාරු කරමින් ඉකුත් දිනයක මියගිය බව තොරතුරු පළ විය. මියයන විට Moonbin ට වයස අවුරුදු 25 ක් පසු විය.

The hollywood reporter
Stuff.co.nz

ඉකුත් බදාදා රාත්‍රියේ සෝල් හි පිහිටි ඔහුගේ මහල් නිවාසයේදී එය සිඳු වී ඇති අතර ඔහුගේ කළමනාකරු විසින් ඊට ප්‍රතිචාර නොදැක්වූ බව දකුණු කොරියානු මාධ්‍ය පොලීසියේ වාර්තා උපුටා දක්වමින් පවසා සිටියහ.

“ඔහු සියදිවි නසාගෙන ඇති බව පෙනේ, නමුත් මරණයට නිශ්චිත හේතුව තීරණය කිරීම සඳහා මරණ පරීක්ෂණය සමාලෝචනය කරමින් පවතී,” පොලිසිය මෙසේ පැවසීය.

අකාලයේ මිලින වූ ඒ දීප්තිමත් තරුව දැන් ඈත ආකාසයේ අනන්තයෙන් ආ තරු කුමරෙකු වී හමාරය.

Moonbin හොඳ නමක් රැකගත් K-pop සංගීත කණ්ඩායමක් වන Astro සමඟ සම්බන්ධ වීමට පෙර රංඟන ශිල්පියෙකු සහ නිරූපන ශිල්පියෙකු ලෙස කටයුතු කළේය.

ඔහුගේ රූපයෙන් මෙන්ම දක්ෂතාවෙන් ඔහු කොතරම් දක්ෂයෙකු වුවත් ජීවිතය නම් නාටකයේ ඔහු ෆේල් වී හමාරය. මොන දේ සිදු වූවත් ඇයි තමන් තමන්ටම රිඳවා ගන්නේ? ඒකෙන් ලැබෙන ඵලය මොකක්ද? සමහරවිට ඔහුටම වෙන් වුණු කාටත් නොකියූ රහසක්, සිත් තැවුලක් තිබෙන්නට ඇත.

Moonbin පමණක් නොව ගායිකාවක් මෙන්ම රංඟනශිල්පිනියක් වන ගූ හාරා 2019 දී සෝල් හි ඇගේ නිවසේ මියගොස් සිටියදී සොයා ගන්නා ලදී. එමෙන්ම K-pop තරුවක් වන Sulli, එම වසරේම අන්තර්ජාලය මඟින් සිදු වූ මානසික හිරිහැර කිරීම් සමඟ දිගු අරගලයකින් පසු සියදිවි නසා ගත්තාය.
2018 දී බෝයි බෑන්ඩ් හි මින්වු 100% නිවසේදී මිය ගොස් සිටි අතර ඔහු හෘදයාබාධයකට ලක් වූ බව පමණක් වාර්තා විය.
Jonghyun, දකුණු කොරියාවේ විශාලතම සංගීත කණ්ඩායමක් වන SHINee හි සාමාජිකයෙක් වන අතර ඔහු 2017 දී මිය ගියේය.

සියදිවි නසා ගැනීම්, මානසික අවපීඩනය, දරාගැනීමේ අන්තය පසු කරන්න වෙර වීර්‍යය නොමැති වූවන් සේ කොරියාවට අහිමි වූ ඒ සම්පත් ගැන ද අපි සිහිපත් කළ යුතුමය.

මරණ පරීක්ෂණ, එක් එක් අයගේ ප්‍රකාශන තුළින් ඇත්තටම සිදුවූයේ කුමක් ද යන්න නිශ්චිතව කිව නොහැක. මොකද මියගිය කෙනා එක්කම මියගිය කතාවකුත් එහි තිබෙන්න පුලුවන් වන නිසා ය. නමුත් මෙවැනි අකළ් මරණ නවතා ගැනීමට අපි අපේ සමීපතමයින් තේරුම්ගත යුතුය. ඔවුන්ට ඇහුම්කන් දිය යුතුය. අවශ්‍යම නම් මනෝ වෛද්‍ය උපදෙස් ගැනීමට ඔවුන්ව යෙදවිය යුතුය. ඔවුන්ගේ දුක, සතුට තේරුම්ගත යුතුය. එවිට අපිට මෙවැනි අසුභ සිද්ධීන් පිළිබඳ අසා දුක් වීමට සිදු නොවනු ඇත.

කෙසේ වෙතත් සියදිවි නසා ගැනීම් විකුණාගෙන කෑමක් ද අද මාධ්‍ය තුළින් දැකගත හැකිය. මෙවැනි සිද්ධීන් තුළින් “තරුණියන් හඬයි ඔහු නිහඬයි” කියලා ප්‍රේක්ෂකයන්ගේ සිත්තුළ ශෝකීය, හැඟීම්බර හැඟීමක් ජනිත කල ද ඔතන රට වෙනුවෙන් කැපවුණු, අරගල කළ සහ තවකෙක් වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවූවන්ටනම් ඔච්චර මල් වැල් ගිය හෑලි නොලියවෙනවා ඒකාන්තය. නිකන් දෙන දේ කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න බැරි වුනා නේ… අරගල කරන්නේ මානසික රෝගීන්නේ.. කියලයි එවැන්නන්ට ඉතුරු වෙන්නේ..

Moobin ගේ මේ සිදු වීමත් සමඟ ඉල්පුණු මෙම යටගියාව ගැනත් සලකමින් Moonbin ලා Sulli ලා ඉදිරියේ දී බිහි නොකරමු! හිත හයිය පරපුරකට අත දෙමු!

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිමාලි ටෝකියොවෙන් පසු යළි සිහ ධජය යටතට

නිශ්මං රණසිංහ ජුනි 11, කොළඹ LNW: ශ්‍රී ලංකාව බිහි කළ...

බංගලාදේශ කණ්ඩායම කොටස් දෙකකට දින දෙකකදී ලංකාවට

නිශ්මං රණසිංහ ජුනි 11, කොළඹ LNW: ශ්‍රී ලංකාව සමඟ පැවත්වෙන...

ජර්මානු ජනාධිපති සහ ජනපති අනුර අතර හමුවක්!

රෂිකා හෙන්නායක ජූනි 11, කොළඹ LNW : අද (11) දින...

16 වැනිදා අනිවාර්යයෙන් වැඩ භාරගන්නවා – බල්තසාර් (VIDEO)

කොළඹ LNW:එළඹෙන 16 වැනිදා කොළඹ මහ නගර සභාවේ වැඩ...