හෙද සේවයේ රැකියා අවස්ථා පුළුල් කිරීමේ සැලැස්මක්!

Date:

කොළඹ LNW:හෙද හෙදියන් ලෙස සිදුකරන බඳවා ගැනීම වැඩිකර එම පුහුණුවෙන් පසු ඔවුන් විදෙස් රැකියා සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු කරන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

දැනට ක්‍රියාත්මක හෙද විදුහල් තුළම එම පුහුණුව ලබා දීමට බලාපොරොත්තු වන නමුත් වෘත්තීය සමිති වෙතින් ඊට බාධාවන් එල්ල විය හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් පෞද්ගලික විශ්ව විද්‍යාල සමඟ හෝ සාකච්ජා කර එම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් එමඟින් පුහුණු ශ්‍රමිකයින් විදෙස් ගත රැකියා සඳහා යොමු කිරීමේ අවස්ථාව සැලසෙන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

මේ වන විට විදෙස් රැකියා වෙළෙඳපොළ තුළ පුහුණු හෙද සේවය සඳහා ඉහළ ඉල්ලුමක පවතින බවයි ඔහු කියාසිටියේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...