පාස්කු කොමිසමේ සම්පූර්ණ වාර්තාව කතෝලික රදගුරු සමුළුවට!

Date:

කොළඹ LNW:පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව කතෝලික රදගුරු සමුළුවට භාර දී තිබේ.

ඒ අනුව අද (25) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් එම වාර්තාවේ පිටපතක් කතෝලික රදගුරු සමුළුවේ සභාපති, හැරල්ඩ් ඇන්තනී පෙරේරා පියතුමන්ට භාර දී ඇත.

එම ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව ලබා නොදීම සම්බන්ධයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් ඇතුළු පාර්ශ්ව රැසක් පසුගිය කාලය තුළ දිගින් දිගටම ප්‍රශ්න කෙරමින් තිබුණි.

එම පසුබිම මත පසුගිය පාස්කු දිනදීද අගරදගුරු හිමිපාණන් වහන්සේ මේ පිළිබඳව අවධානය යොමුකරන ආකාරයද දක්නට ලැබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...