සාමාන්‍ය පෙළ දරුවන්ට සුභ ආරංචියක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රටේ ප්‍රධාන ප්‍රශ්නයක්ව තිබූ , සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වනදා ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු සුදානම් කර අවසන් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. අද (25) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදුකරන ප්‍රශ්න පත්‍ර 10ක ආචාර්යවරු ඊයේ (24) දිනයේ එම කටයුතු ආරම්භ කළ බවය.

අමාත්‍යවරයා තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය

“ඇත්ත වශයෙන්ම මම එක පැත්තකින් ස්තූතිවන්ත වෙනවා FUTA එකට. ඒ අය මාත් එක්ක නිරන්තර සංවාදයෙන් හිටියේ. පෙරේදා එවපු ලිපියට පිළිතුරු මම ඊයේ යැව්වා. ඒ අය සාධනීය ලෙස ඒක ගැන බලාවි. අද වෙද්දි ඒ ප්‍රශ්නය විසඳෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද ඊයේ පේපර් 10ක චීෆ්ලා ඇවිල්ලා ඒ කටයුතු ආරම්භ කළා. තව වැඩක් අපි කළා මේ විභාගයේ ප්‍රතිඵල දීම ප්‍රමාද වීම වැළැක්වීමට වෙනදාට න්‍යායාත්මක ප්‍රශ්න පත්‍ර පරීක්ෂාවනේ පස්සේ තමා ප්‍රායෝගික පරීක්ෂණ පටන් ගන්නේ. මේ සැරේ අපි ගුරු සංගම් ටික එකඟවුණ නිසා අපිට පුළුවන් වුණා ප්‍රායෝගික පරීක්ෂණ කලින් තියන්න. ඒ වගේම මධ්‍යස්ථාන ප්‍රමාණය වැඩිකරන්න කටයුතු කරගෙන යනවා විභාග දෙපාර්තමේන්තුව. එතකොට විභාග ප්‍රශ්න පත්‍ර පරීක්ෂාවට ගතවෙන කාලය අඩුකරගන්න පුළුවන්. ඒ වගේම මේ වෙනකොට සියලු කටයුතු සුදානම් කරගෙන යනවා සාමාන්‍ය පෙළ විභාගය 29 වනදා පැවැත්වීමට. දින 10 කදී සාමාන්‍ය පෙළ අවසන් වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...

UNDP දෑත් මෙරට විපතට පත්වූවන් දෙසට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : මෙරට සිදුවූ...