ජනපති හදිසියේ ආණ්ඩු පක්ෂය කැඳවයි. පැය දෙකක සාකච්ඡාවක් !

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ඊයේ (25) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වී තිබේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙය රැස්වීම පැය දෙකක පමණ කාලයක් පැවැත්වී තිබිණි.

සාකච්ඡාව පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසුවේ “රටේ ආර්ථික ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කළා. දැන් IMF එකේ ඊළඟ කාර්තුවෙන් පස්සෙ ශ්‍රී ලංකාවත් එක්ක වැඩකරන්න පුළුවන් ආර්ථිකයක් තියෙනවා කියලා ජාත්‍යන්තරය පිළිගන්නවා, පිළිගත්තාට පස්සෙ, නවත්තලා තියෙන ව්‍යාපෘති ටික පටන් ගන්නවායි කියලා අද අපි තීරණය ගත්තා. ඊළඟට අපි ඡන්දයකට ලෑස්තියි” යනුවෙනි.

සාකච්ඡාවෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ “පළාත් පාලන ආයතනවල 8400ක් වෙච්ච සේවකයෝ ඉතාම ඉක්මනින් ස්ථිර පත්වීම් ලබලා දෙන්න ආණ්ඩු පක්ෂ රැස්වීමේදී කතා කළා. අපි බලාපොරොත්තු වෙනවා ඉතාම ඉක්මනින් ඒ සේවකයින්ට ස්ථිර පත්වීමක් ලබලා දෙන්න ඒ අවශ්‍ය කටයුතු කරන්න. මැතිවරණයක් ගැන කතාවුණේ නෑ. හැබැයි අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ මැතිවරණයක් තියන්න ඕනෙ. පොහොට්ටුවයි අපි ඔක්කොම එකතුවෙලා තමයි මැතිවරණයකට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ. ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද කියලා ලබන මාසෙ විතර ප්‍රකාශයට පත්කරයි” කියා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...