ගංවතුර හා නාය යාම් හේතුවෙන් ටැන්සානියාවේ 155 දෙනෙකු මිය යයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 26,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නැගෙනහිර අප්‍රිකාව පුරා පවතින දැඩි වර්ෂා කාලගුණය හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 155 දෙනෙකු මිය ගොස් තවත් 236 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට අගමැති කසිම් මජලිවා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

සාමාන්‍යයෙන් ලොව පුරා තාපය වැඩිවීම මෙන්ම නියඟය සහ අධික වර්ෂාව ස්වභාවිකව ඇති වන දේශගුණික රටාවක් වන එල්නිනෝ දේශගුණික රටාව හේතුවෙන් ටැන්සානියාවට පවතින වැසි සමය වඩාත් නරක අතට හැරෙමින් ගංවතුර හා දැඩි සුළඟ හෙතුවෙන් මහා මාර්ග, පාලම් සහ දුම්රිය මාර්ග විනාශ වී තිබේ.

වර්ෂාධික කාලගුණික තත්වය ගෙතුවෙන් පුද්ගලයන් 200,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර 51,000කට නිවාස අහිමි වී තිබේ. අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කලේ ගංවතුරෙන් යට වූ පාසල් වසා දමා ඇති බවත්, හදිසි සේවා මගින් ගංවතුරෙන් විපතට පත් වූවන් බේරා ගනිමින් සිටින බවත්ය.

වත්මන් වැසි සමය නැගෙනහිර අප්‍රිකානු කලාපය සාමාන්‍යයට වඩා අධික වර්ෂාපතනයකින් පීඩාවට පත්ව ඇති අතර අසල්වැසි බුරුන්ඩි සහ කෙන්යාවේ ගංවතුර ද වාර්තා වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...