*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

ඇත්තටම ඇත්ත කියන්නේ ගෝඨාද ? කාදිනල් හිමිද? සත්‍ය වසන් කරන්නේ කවුද? ජනතාවට පිළිතුරු නැති ප්‍රශ්නයක්? උදෑසන DAILY NEWS @8 (26/04)

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 26, කොළඹ (LNW):

එකිනෙකාගේ පිට කසා ගැනීම් තිබෙන තුරු පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු නොවන අතර වත්මන් ආණ්ඩුවට එම යුක්තිය ඉටු කිරීමේ කාර්ය කළ නොහැකි බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මෙම වසරේ පළමු කාර්තුව තුළ රුපියල් බිලියන 834ක රාජ්‍ය ආදායමක් උපයා ගැනීමට හැකි වී තිබෙන බවත් ඒ හරහා අපේක්ෂිත රාජ්‍ය අදායම් ඉල්ලක්ක අභිබවමින් 6%ක වර්ධනයක් පෙන්නුම් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තු නියෝජ්‍ය අමාත්‍ය සහ කොමිනිස් පක්ෂයේ මාධ්‍යම කාරක සභික සුං හයියන් මහත්මිය ප්‍රමුඛ චීන රාජතාන්ත්‍රික දූත පිරිස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා හා ජාතික සංවිධ ඇතුළු පක්ෂ නියෝජිත පිරිස නෙළුම් මාවත පක්ෂ මුලසා නිදි හමු විය.

කඳාන පොලීසිය විසින් අත් අඩංගුවට ගත් ජනප්‍රිය හිටපු උපකාරක පන්ති ගුරුවරයකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත මුදාහැර තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටින්නේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් තමන්ට එල්ල කරන චෝදනා සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි.

මැතිවරණය කඩාකප්පල් කිරීම සඳහා නිලධාරීන්ව මෙහෙයවා ඔවුනට ආරක්ෂාව ලබාදෙන ලෙස චක්‍රලේඛ සහ කැබිනට් පත්‍රිකා නිකුත් කර ඇති බව තහවුරු වී තිබෙන බව හිටපු ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා මහතා පවසයි.

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් ට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට අවසර ලබා දී තිබෙන බව සඳහන් වේ.

ජනාධිපතිවරයා විසින් මැතිවරණ පවත්වනු ඇත්ද නැද්ද යන්න නොදන්නා නමුත් ඕනෑම මැතිවරණයකට සූදානම් අතර මැතිවරණ පැවැත්වුවහොත් ජන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන් පොහොට්ටුව ලකුණ තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීමේදී රජය අදාළ ආයතන සේවකයින්,වෘත්තීය සමිති සමඟ සාකච්ජා කර වැඩකරන ජනතාවට අපහසුතාවක් ඇති නොවන පරිදි එය සිදුකිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස රජයට මෙවර මැයි දිනයේදී යෝජනාවක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පවසයි.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් නව කාර්යාලය නුවරඑළියේදී විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ , පවතින ජාතික හැඳුනුම්පතට වඩා හොඳ හැඳුනුම්පතක් ඉදිරියේදී ලබාදීමට පියවර ගන්නා බවයි.

එක්සත් ජාතීන්ගේ ඉල්ලීමට යුරෝපා සංගමය සහාය ලබා දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බංග්ලාදේශයට බලපා ඇති අධික උණුසුම් කාලගුණය හේතුවෙන් , ළමයින් මිලියන 33කට අදාල පාසල් වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විස්සයි විස්ස තානාපති තනතුර උසෙයින් බෝල්ට් ට

ඩුබායි හී ක්‍රියාත්මක විසි එක්වන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේදී,මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ ශ්‍රී ලංකා කණ්ඩායම තමන් සහභාගි වූ මූලික තරඟයේදී දෙවන ස්ථානය දිනා ගත්තා

එක්වන්න අපගේ දේශීය පුවත් විස්තරය සමඟින්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan