*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

ලද අවස්ථාවෙන් පදක්කම් නෙලන්නී සහ පදක්කම් නෙලන්නට අවස්ථා නොලද්දී

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 26, කොළඹ (LNW): නෙත්මිකා මධුශානි හේරත් මේ සටහන තැබෙන විටත් ශ්‍රී ලංකාව 21 වන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව දිනූ එකම පදක්කමේ හිමිකාරිය ය.ඇය තුන් පිම්ම ඉසව්වෙන් රිචී පදක්කම දිනුවාය.එහෙත් ඇය වඩාත් දක්ෂ බවට ඉඟි කර තිබෙන දුර පැනීමේ ඉසව්වේදී ඇයට පැනීමට හැකි වූයේ මීටර් 5.78 ක් පමණි.


ශ්‍රී ලංකා කණ්ඩායමේ දුක සැප සොයා බලන්නට බොහෝ ලාංකිකයන් යන එන බව සිතිය හැකිය.එක්සත් අරාබි එමීර් රාජ්‍යය යනු ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් වෘත්තියේ යෙදෙන තැනක්ය.ඒ නිසා දුක සැප විමසන්නට යන එන අය අතර බොහෝ වුව ද,ඒ අතරින් අප මේ කණ්ඩායම දකින්නට ආ විශේෂ කෙනෙක් ගැන සටහනක් උපුටා ගන්න සිතුවෙමු.


මේ ඡායාරූපයේ පැනීමේ දී පදක්කම් දිනූ නෙත්මිකා මධුෂානි හේරත් සමඟ සිටින්නී, මේ ගතවෙන මොහොතෙත් ශ්‍රී ලංකාවේ රිටි පැනීමේ ජාතික වාර්තාව උසුලන්නී සචිනි පෙරේරා ය.ඇයට එක් අතෙකින් සිය මවගේ අසනීපය නිසා මෙරට රැදී සිටින්නට හැකියාවක් නොවිණි.ඇයව සනිප කරන්නට අවශ්‍යය මුදල්මය අවශ්‍යයතා ඉටු කර ගන්නට මඟක් ඇවසි විය.එහෙත් ඇය ඒ සියල්ල දරාගෙන සිය රිටෙන් ඉඟිළෙන්නට ආසාවෙන් මවගේ අසනීපය ද දරා උන්නාය.පනින පනින පිමි ඒ වේදනාවත් එක්ක ජාතික වාර්තාවන් වෙද්දී ඒ පිමි තවතු උස යා හැකි තරගකාරී පරිසරයක ඇය ගැටෙන්නට මීන දැක්කාය.


එහෙත් ලංකාවේ ක්‍රීඩා බලධාරීන් ඒ ඉල්ලීම් නෑසු කන්ව ඉවතහළ කළ ඒ පිමිවලට දරන මහන්සියට වඩා,ඕනිම දෙයක් කරන්නට හැකි ශක්තිවන්ත ගැහැණියක ලෙස ඇයව මේ ලොවට ජනිත කළ අම්මාගේ අසනීපයට මුල් තැන දුන්නාය.ඇය ජාත්‍යන්තර පිටියේ ක්‍රීඩා කළා නම් බොහෝ විට අම්මාගේ අසනීපය දරා ගන්නට ඇයට ශක්තියක් මෙන්ම රෝගයේ වේදනාව දුක නොදැනෙන මානසික සුවයක් වන්නට ද තිබිණ.ඒ මව අසනීපව එක්තැන් වූ රෝගී මොහොත ඇති වන්නේ ද ක්‍රීඩා පිටියේදීම ය.ඒ සචිනි ජාතික වාර්තාවකින් උද්දාමයට පත් වෙමින් තිබුණ මොහොතකය.


එවන් මානුෂික හැඟීම් දක්ෂතාවල වර්ධනය දැක දැක උත්සාහ කරපං කියා අවස්ථා දෙන්නට සුදුසු කුලකයක සචිනි නොවන්නට ඇත.ඒ නිසා ඇය රට හැර ගියාය.ඉනික්බිති රජයේ විවිධ චරිත මෙන්ම මාධ්‍යය ද ඇයගේ සියල්ල එකලස් කර ඇය පුහුණුවට කැඳවා යළිත් රිට අතට දෙන පවට වූ පොරොන්දුවලින් ද සමාජය පිරී ගියේය.ඒත් සචින තවමත් අයගේ වාසනාවට ලැබුණු යුරෝපීය පවුලක මිත්‍රශිලී පසුබිම තුළ ඇයට බෙහෙවින් ආදරය කරන ඇයගේ ආදරයද ඉහළින්ම ලබන පුංචි එකෙකු හා ඔට්ටු වන්නීය.


ඒ වාසනාව නොවුණානම් සමහර විට සචිනි අනේක වද වේදනා විඳින ගෘහ සේවිකා චරිතයක් වන්නට ද තිබිණ.ඒ අපේ රටේ ක්‍රීඩාවෙන් නොනවත්වා ජාතික වාර්තා තබන ක්‍රීඩිකාවකට ලැබෙන තිළිණයක ස්වභාවය ය.එහෙත් සචිනිගෙ වැදගත්කම ඇය ඇයට අහිමි වූ දේ ගැන දුක්වන අතරේම,අනිත් අයගේ දක්ෂතාවලට සුබ පැතීමත්,අන් අයට තමන්ගේ ඉරණම අත් නොවේවා කියා හදවතින් පැතීමට හැකියාවක් තිබීමය.අස පිමි වගේ උසස් පරාර්ථ හැඟීමකින් ද යුතුව ඇය ඩුබායි හී පැවත්වෙන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වන තමන්ගේ හිතවත් නංගිලා මල්ලිලා බලන්නට පැමිණියාය.


ඒ අතරින් මේ ඡායාරූපවය වැදගත්ය.මෙහි සිටින අයෙක් සිය පිමිමෙන් රටට පදක්කකමක් දිනා දුන් මධුෂානි හේරත්ය.අනිත් තැනත්තිය පදක්කමක් රටට දිනා දෙන්නට සිහින මැව්වද ඒ සඳහා අවශ්‍යය වටපිටාව සකස් නොකළ හෙයින් මේ රටට අහිමි වූ රිටි පැනීමේ සූරියය.මේ සිවි දෙනාගේ පිංතූරයේ සිටින ක්‍රිශාන්ත කුමාර (සුදු ටී ෂර්ට්) මධුශානි ගේ පුහුණුකරු ය.අනෙක් තැනත්තා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ උප සභාපති ප්‍රසන්න ඉන්දිකය.මෙම සංචාරයේ දී කණ්ඩායමේ කළමණාකරුය.එවකට හිටපු ඇමතිවරයා ප්‍රසන්නව යොවුන් සංචාරයේ දී කපා හැරියේය.ඒ අර්ජුන රණතුංග සිටි උපදේශක සභාවේ තීරණයක් මතය.අර්ජුන ඒ ගැන කීවේ එසේ යා යුතු අය තීරණය කරන්නට තමන්ගේ සභාවේ සාමාජිකයන් යොදා ගන්න බවය.එහි අයෙක් ශ්‍රියාණි කුලවංශ බව ද කීවේය.


ඒ පරණ කතා වැඩක් නැත.ඒ මොහොතේ දී ද ප්‍රසන්න අතේ වියදමින් ගුවන් ප්‍රවේශ පත්‍රයක් වෙන් කරවා ගෙන ගොස් කොරියාවේ සිටි කණ්ඩායමට උපකාර කළේය.ක්‍රිඩා ඇමතිවරයා ඒ මොහොතේ ප්‍රසන්නට කිව යුතුව තිබුණේ ඔහු වෙළද සේවා මලල ක්‍රීඩාවට සම්බන්ධ නිසා ඒ කේෂ්ත්‍රය ඇතුළේ උගත් මලල ක්‍රීඩකයින්ට හොඳ රැකියා සොයා දී මලල ක්‍රීඩා උපාධිධාරීන් ත්‍රිවිධ හමුදාවල සාමාන්‍ය සෙබළු වීමේ ක්‍රියාදාමය නවතා දෙන ලෙසය.මේ දක්වා දක්ෂයන්ට පවතින්නට විකල්පයක් නැති ඒ ක්‍රමය වෙනස් කරන්නය ඇමති නොකී දේ අපි ප්‍රසන්නට කියමු.


මධුෂානිගේ පිමිමට මෙන්ම බොහෝ පිමි පනින්නට සිටි සචිනිගේ දායකත්වයට ද අපි සුබ පතමු.ස්තූතිවන්ත වෙමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan