මළ සිරුරු 400කට ආසන්න ප්‍රමාණයක් ගාසාහි සමූහ මිනිවළකින් සොයා ගැනේ

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 26,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ නසාර් සහ අල්-ෂිෆා රෝහල් අවටින් කාන්තාවන්, ළමුන් සහ වැඩිහිටියන් ඇතුළුව වධහිංසා පමුණුවා මරණට ලක් කිරීමේ සලකුණු පෙන්නුම් කරන සිරුරු 392ක් සහිත සමූහ මිනීවළවල් දෙකක් සොයාගෙන ඇති බව හමාස් සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.

දකුණු ගාසා තීරයේ මළ සිරුරු හෑරීමේ හයවන දිනයේදී පලස්තීන සිවිල් ආරක්ෂක නිලධාරීන් නිවේදනය කර තිබුණේ, නසාර් සහ අල්-ෂිෆා රෝහල් අවට ඇති සමූහ මිනීවළ වැල් වලින් මළ සිරුරු දහයක් අත් බැඳ දමා තිබී ඇති අතර සමහර සිරුරුවල වෛද්‍ය නල සවි කර තිබී ඇත. එයින් ඇඟවෙන්නේ ඒවා පණපිටින් වළලන්නට ඇති බවයි.

මෙම සිරුරුවලින් සිරුරු 65ක් ඥාතීන් විසින් හඳුනාගෙන ඇති අතර ඊයේ(25)දිනයේදී නිව් යෝර්ක්හි පැවති එක්සත් ජාතීන්ගේ හමුවකදී නසාර් රෝහලේ සමූහ මිනීවළ පිළිබඳව විමසූ විට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් පැවසුවේ සංවිධානය ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා ඇති නමුත් එය සිදුවන්නේ කෙසේද යන්න මේ අවස්ථාවේ අපැහැදිලි වන බවයි.

එක්සත් ජනපදය ඇතුළු යුරෝපා බලවතුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරමින් යුද්ධය සමතයකට පත් කරන ලෙස හමාස් සංවිධානයෙන් ඉල්ලා ඇති අතර ඔවුන් එම ඉල්ලීම ප්‍රතික්ෂප කර තිබේ. මේ වන විට ගාසා තිරයේ මියගිය පලස්තීනුවන් සංඛ්‍යාව 34,000 ඉක්මවා ඇති අතර යුද්ධය අවසන් වීමේ ජයා මාත්‍රයක්වත් නොමැත.

පලස්තීනුවන් විසින් ඊශ්‍රායල හමුදාවට කරන ලද ආධාර සිමා කරන ලෙස කරන ලද ජාත්‍යන්තර ඉල්ලීම් නොතකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පසුගියදා ඩොලර් බිලියන 94 ක විදේශ අරමුදල් පනතකට ද අනුමත කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...