*
Monday, May 6, 2024
spot_img

Latest Posts

PSTF මෙහෙයුමෙන් කසල තේ කි.ග්‍රෑ 27,367 ක් සොයා ගැනේ!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 26, කොළඹ (LNW): පොලිස් විශේෂ කාර්ය බලකායේ ගම්පොල කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත දවුලගල සහ නවකුරුදුවත්ත පොලිස් වසම්වල සිදුකල වැටලීම් දෙකකදී, කසළ තේ ගබඩා දෙකක් දීර්ඝ කාලයක සිට පවත්වාගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පැවසේ.

එම ගබඩා දෙකෙහි තිබී කසල තේ කිලෝග්‍රෑම්  27,367ක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ උලපනේ, ලීමගහකොටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙක්.

ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා දවුලගල සහ නවකුරුදුවත්ත පොලිස් ස්ථාන වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ. 
 

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan