පැය 14ක ජල සැපයුම් අත්හිටුවීමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 26, කොළඹ (LNW): හෙට (27) දිනයේ පැය 14ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම් අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කොළඹ 05, කොළඹ 06, දෙහිවල, ගල්කිස්ස සහ මොරටුව නගර සභා බල ප්‍රදේශ ජයන්තිපුර, පැලවත්ත යන ප්‍රදේශවල මෙම ජලසැපයුම අත්හිටුවන බව , එම මණ්ඩලය සඳහන් කළේය.

ඒ, අනුව හෙට (27) පස්වරු 5.00 සිට ඉරිදා (28) පෙරවරු 7.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ, අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් මීට හේතුවී ඇති බවයි..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...