*
Monday, September 30, 2024
spot_img

Latest Posts

අර්බුදය විසඳිම සඳහා ආණ්ඩුව තම සැලසුම් වහාම රටට ඉදිරිපත් කළ යුතුය

ජනතා මර්දනය වහාම නවතා දමා ජනතාවගේ හඬට කන්දිය යුතුය.

ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ දැවැන්ත දේශපාලන, ආර්ථික හා සමාජීය අර්බුදයකට මුහුණ පා ඇති මෙවන් මොහොතක එකී ගැටලු විසඳීම සඳහා ආණ්ඩුව මේ දක්වාම පැහැදිලි වැඩ පිළිවෙළක් රටට ඉදිරිපත් නොකිරීම පිළිබඳව සමස්ත සමාජයම දැඩි අවධානයක් යොමු කළ යුතුව තිබේ. ඉතා පැහැදිලිවම මෙය සැලකිය හැක්කේ ජන වරමකින් හා රාජ්‍යයේ පැවැත්ම උදෙසා දිවුරුම් ලබාදෙමින් බලය ලබාගෙන ඇති ආණ්ඩුවක් සිය වගකීම් පැහැර හැර ඇති  ආකාරයක් ලෙසටය. 

අද වන විට රටේ සමස්ත ජනතාව මෙන්ම පොදු සමාජය නියෝජනය කරන බොහෝ වගකිව යුතු සංවිධාන රට ඇද වැටී ඇති බැරෑරුම් තත්ත්වය පිළිබඳව බලවත් අවධානයක් යොමු කරමින් පවතී. එහිදී රටේ ජනතාව මෙන්ම එකී සමස්ත සංවිධාන තම බලවත් විරෝධය පළකරමින් සිටින්නේ වර්ථමාන ආණ්ඩුවටය. එහෙත් රාජ්‍ය පාලනයේ බැරෑරුම් වගකීම භාරගෙන සිටින වත්මන් පාලනය ඒ පිළිබඳව පෙන්වමින් සිටින වගකීම් විරහිත ස්වභාවය තුළ ශ්‍රී ලංකා ජනරජයේ පැවැත්මට මෙන්ම රටේ ජනතාවට බලපාන එකී ගැටලු තව තවත් බරපතළ වන ආකාරයක් දැක ගත හැකිව තිබේ. මෙය සමස්ත රටටත් මුළු මහත් සමාජයටත් බෙහෙවින් අන්තරායකාරී තත්ත්වයකි.

මෙවන් පසුබිමක රජය උත්සාහ දරමින්  සිටින්නේ සාමාන්‍ය ජනතාව නඟමින් සිටින  විරෝධය පමණක් නොව උත්තරීතර පාර්ලිමේන්තුවේ හඬ  ද යටපත් කරමින් මර්දනය කිරීම තුළ සියලු ප්‍රශ්න යටපත් කරන්නටය. මේ රටේ තරුණ ප්‍රජාව නගන උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහා පිළිගත් ක්‍රමවේදයන්ගෙන් බැහැරව යමින් අන්තරාදායක මර උගුල් ප්‍රසිද්ධියේම ඇටවීම දක්වා එම තත්ත්වය මේ වන විට වර්ධනය කර තිබේ. එය ඉතාමත්ම පිළිකුල් සහගත අතිශය අමනෝඥ හා බියකරු පිළිවෙතකි.

එබැවින්, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මේ මොහොතේ සමස්ත ජනතාවගේ නාමයෙන් ආණ්ඩුවේ සියලුම වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ අන් සියල්ලන්ටම පෙර මේ රටේ ජනතා මතයට හොඳින් හා නිවැරදි ලෙස සවන්දෙන ලෙසය. එමෙන්ම පවත්නා දැවැන්ත ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගනිමින් ජනතාව ඉල්ලා සිටින දේශපාලන ප්‍රතිසංස්කරණ සාර්ථකව ඉටු කර ගැනීම සඳහා රටේ පාර්ලිමේන්තුවට පැවරී ඇති වගකීම ඉටුකිරීම සඳහා අවශ්‍ය සහය නොපමාව ලබා දෙන ලෙසය. බලය අසීමාන්තික ලෙස යොදා ගනිමින් ජනමතය පාගා දැමීමට කිසිදු ක්‍රියාමාර්ගයකට නොපිවිසෙන ලෙසය.  

දේශබන්ධු කරු ජයසූරිය

සභාපති

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan