ජනතා අරගලයට සහාය දෙන සමගි බල පාගමන අද මහනුවරින් ඇරඹේ … (VIDEO)

ආණ්ඩුවට විරෝධය පළ කරමින් සහ ජනතා අරගලයට සහාය පළ කරමින් සමගි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති දැවැන්ත පාගමන අද (26) මහනුවරින් ආරම්භ කිරීමට නියමිත ය.

මෙම පාගමන දින පහක් තුළ කොළඹ බලා පැමිණීමට නියමිතව ඇත.

ඒ අනුව,

අප්‍රේල් 26 – මහනුවර සිට මාවනැල්ල දක්වා

අප්‍රේල් 27 – මාවනැල්ලේ සිට ගලිගමුව දක්වා

අප්‍රේල් 28 – ගලිගමුවේ සිට දංඕවිට දක්වා

අප්‍රේල් 29 – දංඕවිට සිට යක්කල දක්වා

අප්‍රේල් 30 – යක්කල සිට පෑලියගොඩ දක්වා මෙම දැවැන්ත පාගමන පැමිණීමට කටයුතු සූදානම් කර ඇති බව සඳහන්.

RN