විදුලි බිල් වැඩිකිරීමට සූදානම්. කොමිසමේ අනුමැතියත් ලැබුණා – ඇමති කංචන

Date:

විදුලි බිල්පත් වැඩිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉල්ලීමක් කර ඇති බවත් ඊට මහජන උපයෝගීතා කොමිසමේ ද අනුමැතිය හිමිව ඇති බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

මේ වනවිට විදුලිබල මණ්ඩලය දෛනිකව රුපියල් මිලියන 500කට ආසන්න මුදලක් බැගින් පාඩු ලබමින් සිටින බව පවසන අමාත්‍යවරයා උත්පාදන වියදමට ගැලපෙන ආකාරයේ මිල සූත්‍රයක් හඳුන්වාදීමට අවශ්‍ය බවත් සඳහන් කර තිබේ.

කෙසේවෙතත් මෙම මිල වැඩිකිරීම නිසි ක්‍රමවේදයක් යටතේ සිදුවනු ඇති බව පැවසූ අමාත්‍යවරයා එය හෙට උදෑසන සිට සිදුවනු ඇතැයි කවුරුන් හෝ කියන්නේ නම් එය වැරදි බවත් ප්‍රකාශ කර ඇත.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (25) දෙරණ රූපවාහිනී නාලිකාවේ පැවති සංවාදයකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...