IMF ගමන : ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනය කැමති නෑ. ඔවුන් තවත් ණයක් දෙන්න කැමතියි – ගොඩහේවා

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට යමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටියත් චීනය ඊට අකමැත්ත ප්‍රකාශ කර ඇති බව කැබිනට් ප්‍රකාශක නාලක ගොඩහේවා මහතා පවසයි.

“අපි දැනටමත් දැනුම් දීලා තියෙනවා අපේ ණය හිමියන්ට අපට ණය ගෙවීමේ හැකියාවක් නෑ කියලා. ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කතා කරනවිට අපි දන්නවා අපට ණය දෙන කඳවුරු කිහිපයක් තියෙනවා. එකක් තමයි බටහිර. අනෙක තමයි චීනය වගේ රටවල්. එතකොට බටහිර රටවල් බොහෝදුරට මේ IMF එකෙන් දැනට ලැබිලා තියෙන අනුමැතියත් එක්ක මේ කාරණයට සාධනීය ලෙස සහාය දෙන්න ඉඩ තිබුණත් චීනය දැනට දක්වන ස්ථාවරය තමයි, ඔවුන් ලෝකය පුරාම විවිධ රටවලට නය දීලා තිබෙන නිසා එක රටක පමණක් ණය ප්‍රතිව්‍යුහගත කරන්නට ගියොත් ඒක ඔවුන්ගේ අනෙක් රටවලටත් බලපානවායි කියලා. ඒ වෙනුවට ඔවුන් යෝජනා කරලා තියෙනවා ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවට අපේ දැනට තියෙන ණය ගෙවීම සඳහා තවත් ණයක් දෙන්නට සූදානම් කියලා. ඉතින් මේක මූලික සාකච්ඡා මට්ටමේ තියෙන්නේ”

අමාත්‍ය නාලක ගොඩහේවා මහතා මේ බව පැවසුවේ අද (26) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුමේදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වතු කම්කරුවන්ට සුබ කාලයක්!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : වර්තමානයේ පවතින කම්කරු...

වයස් කාණ්ඩ හතරක බාලක බාලිකාවෝ ස්කොෂ් සඳහා කොරියාවට

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: දකුණු කොරියාවේ ගිම්චියොන් ස්කොෂ්...

විපක්ෂයෙන් මන්ත්‍රීලා ගන්නේ අත උස්සන්න විතරයි. තීන්දු ගන්න බලයක් දෙන්නෑ. 69 ලක්ෂය වගේ තමා – ඇමති ප්‍රසන්න

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට සම්බන්ධ...

විදේශ සංචාර චෝදනා ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

2023 සැප්තැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ කළ...