IMF ගමන : ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනය කැමති නෑ. ඔවුන් තවත් ණයක් දෙන්න කැමතියි – ගොඩහේවා

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට යමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටියත් චීනය ඊට අකමැත්ත ප්‍රකාශ කර ඇති බව කැබිනට් ප්‍රකාශක නාලක ගොඩහේවා මහතා පවසයි.

“අපි දැනටමත් දැනුම් දීලා තියෙනවා අපේ ණය හිමියන්ට අපට ණය ගෙවීමේ හැකියාවක් නෑ කියලා. ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කතා කරනවිට අපි දන්නවා අපට ණය දෙන කඳවුරු කිහිපයක් තියෙනවා. එකක් තමයි බටහිර. අනෙක තමයි චීනය වගේ රටවල්. එතකොට බටහිර රටවල් බොහෝදුරට මේ IMF එකෙන් දැනට ලැබිලා තියෙන අනුමැතියත් එක්ක මේ කාරණයට සාධනීය ලෙස සහාය දෙන්න ඉඩ තිබුණත් චීනය දැනට දක්වන ස්ථාවරය තමයි, ඔවුන් ලෝකය පුරාම විවිධ රටවලට නය දීලා තිබෙන නිසා එක රටක පමණක් ණය ප්‍රතිව්‍යුහගත කරන්නට ගියොත් ඒක ඔවුන්ගේ අනෙක් රටවලටත් බලපානවායි කියලා. ඒ වෙනුවට ඔවුන් යෝජනා කරලා තියෙනවා ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවට අපේ දැනට තියෙන ණය ගෙවීම සඳහා තවත් ණයක් දෙන්නට සූදානම් කියලා. ඉතින් මේක මූලික සාකච්ඡා මට්ටමේ තියෙන්නේ”

අමාත්‍ය නාලක ගොඩහේවා මහතා මේ බව පැවසුවේ අද (26) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුමේදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...