සිමෙන්ති මිල ඉහළ යාම පසුපස තියෙන්නේ මාෆියාවක්.වහාම ඉදිකිරීම් මාස තුනකට නවත්වන්න!(VIDEO)

Date:

සිමෙන්ති මිල ඉහළ දැමීම පසුපස ඇත්තේ ආනයනකරුවන්ගේ වෙළෙඳ මාෆියාවක් හෙයින් එය තවදුරටත් සිදුකිරීම වළක්වා ගැනීම සඳහා රටේම ඉදිකිරීම් ඉදිරි මාස තුනක කාලයක් සඳහා නතර කරන ලෙස ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පැවසුවේය.

ඒ, අද (26) වැඩි වූ සිමෙන්ති මිල සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු දක්වමිනි.

මේ වන විටත් මෙම වෙළෙඳ මාෆියාව නිසා ඉදිකිරීම් කර්මාන්තය බිඳ වැටි තිබෙන අතර ඔවුන් විසින් සිදුකරන සියලුම රජයේ ඉදිකිරීම් මේ වන විට අත්හිටුවා ඇති බවයි ලියනාරච්චි මහතා කියා සිටියේ.

මෙම මිල වැඩි කිරීම සිදුවන්නේ කිසිදු නියාමනයකින් තොරව බවද ඔහු පෙන්වා දුන්නේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...