ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සුපිරි වටය අහිමි වෙයි

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 26, කොළඹ LNW:

තායිලන්තයේ පැවත්වෙන ආසියානු කාන්තා බේස්බෝල් සූරතාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී එක් ජයග්‍රහණයක් පමණක් ලද ශ්‍රී ලංකාව සුපිරි වටයෙන් පිටතට වීසි වුණා.මෙම තරගාවලියේදී පළවැනි ජාත්‍යන්තර ජයග්‍රහණය ලබා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 13 – 0 ක් ලෙස ඉරාන කාන්තා කණ්ඩායම පරාජය කරනු ලැබුවා.තරගාවලියේ සිය පළමු තරගය වූ ඉන්දියාවට එරෙහි තරගයේදී ලකුණු 14 – 4 ක් ලෙස පරාජයට පත් වීම ඇතැම් විට පළමු තරගයට මුහුණ දීමේ කුලෑටිකම විසින් ඇති කළ තත්ත්වයක් විය හැකියි.


ඉන්දියාව සමඟ කරට කර තරගයක් දෙමින් ලකුණු 1-2 ක් ලෙස පරාජය ලැබූ පකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව පරාජය වූයේ ලකුණු 10 – 5 ක් ලෙසයි.එහිදී ඉන්දියානු තරගයට වඩා වර්ධනයක් පෙන්වමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ක්‍රියා කළා.තරගාවලියේ මූලික තරගවලින් පසුව සුපිරි වටයට ශ්‍රී ලංකාව සිටි ඒ කාණ්ඩයෙන් ඉන්දියාව සහ පකිස්තානය සුදුසුකම් ලබා සිටින අතර බි කාණ්ඩයෙන් ඉන්දුනීසියාව සහ තායිලන්තය සුදුසුකම් ලබා සිටිනවා.


එහෙත් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් සඳහා වන තරග සඳහා මුහුණ දීමට නියමිත අතර අප්‍රේල් 27 වන දා ඔවුන් මැලේසියාව සමඟ තරග වැදීමට නියමිතව සිටිනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම