ශ්‍රී ලංකා අයර්ලන්ත දෙවන ටෙස්ට් තරගයට සකස් කළ තණතීරුව පිතිකරුවන්ගේ පාරාදීසයක් බවට සටහන් කරමින් අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඔවුන් ක්‍රීඩා කළ හොඳම ඉණිම ලකුණු 492 දී නැවතුණු පසුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ද දිනය හමාර වන විට කිසිවෙක් නොදැවී ලකුණු 81 ලබා සිටියේය.ඒ පන්දු වාර 18 ක් පමණක් වැය කරමින්ය.සියුම් දඟ කැවීමක් සහිත වූ ගෙවුණු දින දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු දඩයක්කාරයා වන ප්‍රභාත් ජයසූරිය සාර්ථක වන්නට ගත් උත්සාහය අවසාන මොහොතේදී යම් සාර්ථකත්වයක් ලැබුවේ හයවන වරටත් ඔහු නමට ලකුණු 174 ට කඩුලු 5 ක දායාදයක් හිමි කර දෙමින්ය.ඒ අනුව ඔහු ඉදිරි ඉණිමේදී කඩුලු 3 ක් දවා ගතහොත් අඩුම තරග සංඛ්‍යාවකින් කඩුලු 50 සීමාවට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත් වන්නේය.
ප්‍රභාත් කඩුලු 50 සීමවේ රැඳෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටන කෝඩුකාර නිශාන් මධුශ්ක සිටින්නේ ඔහුගේ මංගල අර්ධ ශතකයට ආසන්නවය.තවත් ලකුණු 9 ක් රැස් කරන්නට මධුෂ්කට හැකි වුවහොත් ඔහු එම සීමාවට පැමිණෙනු ඇත.ඔහු සමඟ නොදැවී සිටින දිමුත් කරුණාරත්න අයර්ලන්තය මේ තණතීුවේ යෙදූ හැඩයටම පන්දුවට පහර දෙමින් තරම වේගවත් ලකුණු 39 ක් ලබා නොදැවී සිටින්නේය.ලකුණු 81 එක් කිරීම සඳහා මේ දක්වා නිශාන් මධුශ්ක සහ දිමුත් දුන් දායකත්වයේදී එක් අයෙක් හතරේ පහර හය බැඟින් එල්ල කරන්නට සමත් වී ඇත.
අයර්ලන්ත ඉණිමට ශතක දෙකක් අයත් විය.ඒ අතරින් වැඩිම ලකුණුලාභියා වුණේ කර්ටිස් කැම්පර් ය.ඔහු ලකුණු 111 ක් ලැබීය.ආබාධ තත්ත්වයක් නිසා පිටියෙන් ඉවත්ව ගිය පෝල් ස්ට්‍රින්ග් නැවත පිටියට පිවිස සිය ශතකය සපුරා ගනිමින් ලකුණු 103 ක් ලබා ගන්නට සමත් විය.ස්ට්‍රින්ග් සහ නායක බැල්බර්නි ශ්‍රී ලංකා පන්දු යවන්නන් මත පැට වූ පීඩනයේ දිගුවක් හැටියට අයර්ලන්ත සෙසු පිතිකරුවන් ද ලකුණු අතරට පැමිණි අතර ඒනිසා අංක හත පිතිකරු ලෙස පැමිණ කර්ටිස් කැම්පර් ශතකයකට පිවිසි අතර අංක හයට පන්දුවට පහර දෙන ප්‍රහාරාත්මක පිතිකරු කඩුලු රකින ලෝකන් ටකර් පන්දු 106 න් ලකුනු 80 ක් එකතු කරන්නට සමත් විය.බැල්බර්නි ගෙ ලකුණු 95 ත් සමඟ ශතක දෙකක් සහ අර්ධ ශතක දෙකින් පෝෂණය වූ අයර්ලන්ත ඉණිම ලකුණු 492 දක්වා දිගු කර ගන්නට ඔවුන්ගේ ප්‍රහාරය මෙන්ම තණතීරුවේ පිතිකරුවන්ට දී ඇති වරප්‍රසාදය ද වැදගත් කාර්යභාරයක් ඉටු කරපු බව පැහැදිළි වුණේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන්ය.
අයර්ලන්ත පිතිකරුවන් තණතීරුවෙන් මෙන්ම සිය ලකුණු පූවරුව පෝෂණය කරන්නට සිය බුද්ධියෙන් ද විශාල වැඩ කොටසක් සිදු කර තිබුණ බව පැහැදිළි විය.දඟ පන්දුවෙන් මෙන්ම ෂෝට් ලේග් හි සිටින නිශාන් මධුහ්කගේ සුරැකි දෑත බේරිමේ අවශ්‍යයතාවයද අවබෝධ කරගත් හොඳ අධ්‍යයනයකින් පන්දුවට පහර දුන් බවක් ඉණිම පුරාම දැක ගන්නට ලැබිණ.
අද ශ්‍රී ලංකාව තරගය ආරම්භ කරන්නේ ඊයෙ මද වැසි නිසා අහිමි වූ තරග කාලයේ පාඩුව ද සමඟ අයර්ලන්තට වඩා ලකුණු 411 ක් පසු පසින්ය.ඊයේ ඉණිම ආරම්භ කළ රිද්මයම පවත්වා ගෙන යන්නට සමත් වුවහොත් සහ කඩුලු ආරක්ෂා කර ගතහොත් අද ශ්‍රී ලංකාවට වේගයෙන් එම ලකුණු 411කරා ළඟා වෙන්නට බැරි කමක් නැත.නමුත් අද තරගයේ තෙවන දිනය මෙන්ම ඊයේ වැටුණු වැස්ස නිසා වසා දැමූ තණතිල්ලත් මෙන්ම දවසේ දේශගුණික තත්ත්වය ද අනුව තරගයේ ආරම්භයේ දී ආරම්භක පිතිකරුවන් දෙදෙනා වේගය සහ දෝලනය ගැන හොද ඉවසීමකින් සහ සංයමයකින් කටයුතු කිරිම වැදගත්ය.එසේම මේ ගෙවන්නේ තරගයේ තෙවන දිනය වන බැවින් තණතිල්ල මත යම් වෙනස්කම් ඇති වීමට ඇති ඉඩ ද නිසා වේගය මෙන්ම සංයමය ද ශ්‍රී ලංකා පිතිකරුවන් නොපවත්වා ගතහොත් අයර්ලන්තයට වැඩිම ලකුණු සහිත ඉණිම දුන්නාට වඩා වැඩි දෙයක් අයර්ලන්තය මේ තරගයේදි ශ්‍රී ලංකාවෙන් ලබා ගන්නට හැකි ඉඩක් ද ඇත.
ඒ නිසා අද තරගය දෙපිළට විවෘත වන තරගයක් බවට පත් වෙනු නිසැකය.වඩාත් තදින් සහ හොඳින් අල්ලාගෙන සිටින කණ්ඩායම ජයග්‍රහණය කරන්නට ඉඩ ඇත.ඒ ජයග්‍රහණය ශ්‍රී ලංකාව දෙසට හරවා ගන්නට සමත් වුවහොත් එය ශ්‍රී ලංකාවේ සියවැනි ටෙස්ට් ජය හැටියට ඉතිහාසයට එක්වනු ඇත.එසේම අයර්ලන්තය ඒ දේ කරන්නට සමත් වුවහොත් එය ඔවුන්ගේ පළමු ටෙස්ට් ජයය.ඒ නිසා දෙපිළිට ජයග්‍රහණය ඔවුන්ගේ ටෙස්ට් ඉතිහාසයේ ස්වර්ණමය සටහන් වන තරගයක් වන බැවින් දෙපිළම එය සැහැල්ලුවෙන් නොගනු ඇත.පීඩනය දෙපිසටම හුවමාරු විය හැකි ගැටුමක් මැවෙන නාටකීය අවස්ථාවක තිබෙන ටෙස්ට් තරගයේ අන්තිම මොහොත කෙසේ විසඳේද යන්න ගැන දුර තියා හිතන්නට යාමේදී ශ්‍රී ලංකාව වඩාත් හොඳින් අවධාරණය කර ගත යුතු කාරණය වන්නේ සිව්වැනි ඉණීමේ තණිතීරුවේ වෙනස්කම් සමඟ පන්දුවට පහර දෙන්නට වන්නේ තමන්ට බවය.
තරගයේ ලකුණු පූවරුව පහතින් දැක්වෙන් සබැඳිය තෙරපා ලබා ගන්නට හැකිය.
https://www.espncricinfo.com/series/ireland-in-sri-lanka-2023-1363445/sri-lanka-vs-ireland-2nd-test-1363448/full-scorecard
ඡායාරූපයෙන් දැක්වෙන්නේ කර්ටිස් කැම්පර් ශතකය ලබා ගත් අවස්ථාවය.
සටහන – නිශ්මං රණසිංහ
