ජනතා ඉල්ලීමක් ආවොත් ජනාධිපතිවරණයකට ඉල්ලනවා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙරට ‍රාජ්‍ය පාලකයා වීමට අනෙක් අයට නොමැති සුදුසුකම් රැසක් තමන්ට ඇතැයි මහනුවර දී මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි . එනිසා ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් ලැබුණොත් ඒ ගැන සලකා බලන බව රණවක මහතා කියා සිටී.

පිය උරුමයෙන් හෝ තවත් දේශපාලනඥයකුගේ පිහිටි දේශපාලනයට පැමිණි අයෙක් නොවන බවද පවසන රණවක මහතා , අමාත්‍යවරයෙකු ලෙස තමනට පැවරුණු වගකීම වංචාවෙන් දූෂණයෙන් තොරව ඉටුකර අමාත්‍යාංශය ලාභ ලබන තත්වයට පත්කර ඇති බව රටම දන්නා බවත් පවසයි .

ඔහු තව දුරටත් කියා සිටියේ , දක්ෂ හමුදා නිලධාරීන්ට, සුපිරි ක්‍රීඩකයන්ට, පරම්පරා උරුමයට හිමිකම් කියන පුද්ගලයන්ට, සාම්ප්‍රදායික පක්ෂ නායකයන්ට මින් පසු ජනපති අපේක්ෂකත්වය නොදිය යුතු බවද , ආර්ථිකය නිවැරදි ලෙස කළමනාකරණය කරමින් රට ගොඩනැගීමට හැකියාව ඇති අයෙකුට එම අවස්ථාව ලැබිය යුතු බවත්ය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...