*
Friday, April 19, 2024
spot_img

Latest Posts

වි.වි ඇදුරන්ට/ගුරුවරුන්ට බැරි නම් උසස් පෙළ උත්තර පත්‍ර අපි බලන්නම්! (VIDEO)

කොළඹ LNW:විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට සහ ගුරුවරුන්ට උසස් පෙළ සිසුන්ගේ උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ කටයුත්ත කළ නොහැකි නම් ඊට වෛද්‍යවරුන්ට ආරාධනා කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

උත්තර පත්‍ර පරික්ෂාව කිසිලෙසකින්වත් වාණිජකරණය කළ යුතු නැති ගරු කටයුත්තක් බවට පත්කළ යුතු යැයි බෙල්ලන මහතා සඳහන් කළේය.

විශ්ව විද්‍යාල ඇදුරන් ආණ්ඩු මාරු කිරීමේ ව්‍යාපෘති කරන අයුරින් දැන් සිදුකරන්නේද එවැනි දෙයක් යි ඔහු පැවසුවේ.

උත්තර පත්‍ර අධීක්ෂණයට පැමිණීමට නම් ජනාධිපතිවරයා සමඟ සාකච්ජා කළ යුතුය යන ෆූටා කොන්දේසිය බහුබූත කොන්දේසියක් බවද බෙල්ලන මහතා කියා සිටියේය.

කෙසේවෙතත් ඊයේ දිනයේදී විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පැවසුවේ දරුවන් ගැන සිතා උසස් පෙළ සිසුන්ගේ උත්තර පත්‍ර අධීක්ෂණයට එක්වීමට තීරණය කර ඇති නමුත් ඊට එක්වීමට පෙර ජනාධිපතිවරයා සාකච්ජාවක් ලබා දිය යුතු බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan