ප්‍රසන්න විතානගේගේ “පැරඩයිස්” චිත්‍රපටය තෙවන වරටත් අන්තර්ජාතික සම්මානයට!

Date:

අප්‍රේල් 27, කොළඹ (LNW): අද අප්‍රේල් 27 දා පැවති ස්පාඤ්ඤයේ ලස් පල්මාස් ග්‍රදන් කැනරියා අන්තර් ජාතික චිත්‍රපට උළෙලේ සම්මාන ප්‍රදානයේ දී ප්‍රසන්න විතානගේ අධ්‍යකෂනය කළ ‘පැරඩයිස්’ ඉන්දු ලංකා නිෂ්පාදනය ප්‍රේක්ෂක ජූරි සම්මානය (Audience Jury Award) දිනාගැනීමට සමත්විය.

23 වැනි වරට පැවති ලස් පල්මාස් චිත්‍රපට උළෙලේදී මහාද්වීප පහම නියෝජනය කරන චිත්‍රපට ඇතුළත් විය. මීට පෙර ‘පැරඩයිස්’ චිත්‍රපටය කොරියාවේ පැවති බූසාන් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි කිම් ජෝසීක් සම්මානය දිනාගත් අතර ප්‍රංශයේ වේසුල් අන්තර්ජාතික ආසියානු චිත්‍රපට උළෙලේ දී යොවුන් ජූරියෙන් පිරිනැමෙන සම්මානය දිනා ගන්නා ලදී.

එයට අමතරව ආසියානු සිනමා ඇකඩමියේ ආසියානු සම්මාන උළෙලේදී පැරඩයිස් හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන හතරකට නිර්දේශ විය.

තවත් විස්තර සඳහා; www.ipafilmfestival.com

ප්‍රසන්න විතානගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...