මහරගමින් හමු වූ රුපියල් කෝටි විස්සකට අධික මත්කුඩු!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 27, කොළඹ (LNW): මහරගම නාවින්න ප්‍රදේශයේ දී රුපියල් කෝටි විස්සකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පැවසේ.

මෙම මත්කුඩු තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ, බස්නාහිර පළාත,  දකුණ අපරාධ කොට්ඨාසය යටතේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් අනුව අලුතින් පිහිටවූ සංවිධානාත්මක අපරාධකල්ලි මැඩලීමේ ඒකකය මගිනි. මෙහිදී, හෙරොයින් කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම් 60කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනුණු අතර, මේ සමඟ සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පවසයි.

ඔහු නාවින්න ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන පදිංචිව සිට ඇති අතර, සැකකරු ප්‍රකාශ කර ඇත්තේ ඩුබායි හි සිටින අයෙකුගෙන් තමන්ට මෙම මත්කුඩු ලැබුණු බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...