චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

Date:

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 27,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්ගේ තෙදින බීජිං සංචාරය ඊයේ(26) ජනාධිපති ෂි ජින්පින්ගේ හමුවීමෙන් අවසන් විය.

ජාතික ආරක්ෂාව, ආර්ථිකය සහ මැදපෙරදිග, යුක්රේනය සහ අග්නිදිග ආසියාවේ භූ දේශපාලනික වෙනස්කම් පිළිබඳ ආරවුල් මධ්‍යයේ මෙම සංචාරය සිදු වූ අතර ජනාධිපති ෂි ජින්පින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයාට ප්‍රකාශ කර තිබුණේ, දෙරට ප්‍රතිවාදීන්ට වඩා හවුල්කරුවන් විය යුතු බවත්, බවත් එකිනෙකාට රිදවනවාට වඩා එකිනෙකා සාර්ථක වීමට උදව් කළ යුතු බවත්ය.

එහෙන්ම චීන ජනාධිපතිවරා මෙහිදී වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, සමෘද්ධිමත් එක්සත් ජනපදයක් දැකීමට චීනය සතුටු වන බවත්, ද්විපාර්ශ්වික සබඳතා සැබවින්ම ස්ථාවර කිරීමට, වැඩිදියුණු කිරීමට සහ ඉදිරියට යාමට හැකි වන පරිදි වොෂින්ටනය ද බීජිං සඳහා මෙම දැක්ම බෙදාගනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

බ්ලින්කන්ගේ සංචාරය වසරකටත් අඩු කාලයකදී ඔහු රටට පැමිණි දෙවන සංචාරය වූ අතර එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මෙහිදී මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, එළැඹෙන එක්සත් ජනපද මැතිවරනයට බලපෑමට සහ තර්කානුකූලව මැදිහත් වීමට චීන උත්සහ කරනු ඇති බවට තොරතුරු තමන් සතු වන බවත් එසේ නොකිරීමට බීජිං වගබලාගත යුතු බවත්ය. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් චීනය සඳහන් කර තිබුණේ, අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත් නොවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...