මහරගමින් හමු වූ රුපියල් කෝටි විස්සකට අධික මත්කුඩු!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 27, කොළඹ (LNW): මහරගම නාවින්න ප්‍රදේශයේ දී රුපියල් කෝටි විස්සකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පැවසේ.

මෙම මත්කුඩු තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ, බස්නාහිර පළාත,  දකුණ අපරාධ කොට්ඨාසය යටතේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් අනුව අලුතින් පිහිටවූ සංවිධානාත්මක අපරාධකල්ලි මැඩලීමේ ඒකකය මගිනි. මෙහිදී, හෙරොයින් කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම් 60කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනුණු අතර, මේ සමඟ සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පවසයි.

ඔහු නාවින්න ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන පදිංචිව සිට ඇති අතර, සැකකරු ප්‍රකාශ කර ඇත්තේ ඩුබායි හි සිටින අයෙකුගෙන් තමන්ට මෙම මත්කුඩු ලැබුණු බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...