එන්ජින් ධාරිතාව 450 කට වැඩි අධි ධාරිතාවකින් යුත් යතුරු පැදි දස දහසක් ලියාපදිංචියට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 27, කොළඹ (LNW): මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගත් තීරණයකට අනුව, එන්ජින් ධාරිතාව 450 කට වැඩි අධි ධාරිතාවකින් යුත් යතුරු පැදි දස දහසක් ලියාපදිංචි කිරීමට කටයුතු යොදා ඇත.

ප්‍රවාහන අමාත්‍යාංශයත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයත් ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් සකස්කර ඇති අතර, එය ඉදිරි සති කිහිපය තුළ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, තීරු බදු නොගෙවා මෙරටට ගෙන එන ලද මෙතෙක් ලියාපදිංචි කර නොමැති යතුරු පැදි දස දහසකට වැඩි සංඛ්‍යාවක් ඇති බවට අනාවරණය වී තිබුණි.

පොලිසියට ලබාදී ඇති එන්ජින් ධාරිතාව 650 ක් වන යතුරු පැදිවලට වඩා වැඩි ධාරිතාවකින් යුත් යතුරුපැදි ලියාපදිංචි කිරීමට පොලිසිය මුල් අවස්ථාවේ අකමැති වූයේ අපරාධ සිදුකර පලා යන යතුරුපැදි පසුපස හඹා යාමට තම එන්ජින් ධාරිතාව ප්‍රමාණවත් නැති බව වූ නමුත්, ප්‍රවාහන අමාත්‍යාංශයත්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයත් මෙම යතුරුපැදි සමබන්ධයෙන් කරන ලද සාකච්ඡාවක් අතරතුර ගත් එකඟතාවන්ට අනුව එන්ජින් ධාරිතාව 450 ට වැඩි අධිධාරිතාවෙන් යුත් යතුරුපැදියක් ලියාපදිංචියේදී අධිභාර ගාස්තුවකට යටත්ව ලියාපදිංචි කිරීමට නියමිතව ඇත.

ඒ අනුව ‘‘1000 ක එන්ජින් ධාරිතාවෙන් යුත් යතුරුපැදි සඳහා රුපියල් ලක්ෂ 15 ක මුදලක් අය කෙරේ. මෙලෙස ලියාපදිංචි කරන යතුරු පැදි මෝටර් ක්‍රොස් තරගවලට අමතරව මහමග ධාවනය කිරීමට හැකි බව ද පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...