බැසිල්ගේ සෙරෙප්පු සුප් බීපු ඩීල් කාරයෝ දැන් අපිට චෝදනා කරනවා – සජිත්ගෙන් වාසුට පිළිතුරු (VIDEO)

Date:

69 ලක්ෂයක්, 68 ලක්ෂයක් ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුවේ 145කට වැඩි බලයක් සහ 2/3ක බලයක් ලබා දීලා ඒ නිර්මාණය කරපු ඒ ආණ්ඩුව රට වට්ටලා තිබෙන මොහොතක ඒ හොර හැත්තත් එක්ක අපේ කිසිම ඩීල් එකක් නෑ යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද ජාත්‍යන්තර කපුටු දිනය වන අතර අනෙක් හොර කපුටගෙන් පෝෂණය වුණු, පංගුව ගත්තු බැසිල් රාජපක්ෂයේ සෙරෙප්පු සුප් බීපු කණ්ඩායම් තමන්ට සහ සමගි ජනබලවේගයට හොර හැත්තත් එක්ක ඩීල් දානවායැයි චෝදනා කරන බවත් රට කාපු හොර හැත්තත් එක්ක සමගි ජන බලවේගය සමගි ජන සන්ධානය හෝ සජිත් ප්‍රේමදාසගේ ඩීල් දමන්නේ නැති බවත් ඒ මහතා සඳහන් කළේය.

ජනපීඩක දුර්ධාන්ත ආණ්ඩුවට එරෙහිව සමගි ජනබලවේගය විසින් සංවිධානය කරනු ලබන නිදහස් අරගලයේ “සමගි බල පා ගමන” අද දෙවැනි දිනයට මාවනැල්ලෙන් ආරම්භ විය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය නියෝජනය කරන මහජන නියෝජිතයින් ඇතුළු අති විශාල පිරිසක් එම පා ගමනට එක්ව සිටී.

“මිත්‍රවරුනි, කොහොමද අපි ආණ්ඩුව එක්ක ඩීල් දාන්නේ. ම මේ රටේ තරුණ පරපුර කිසිම දේශපාලන අතකොලුවක් නැතිව ලක්ෂ ගණනින් ජීවිත පරිත්‍යාග කරලා අර ගාලුමුවදොර සටන කරනකොට මේ හොර හැත්තත් එක්ක අපි ඩීල් දානවද? මොන විහිළුවක්ද? මිත්‍රවරුනි, මේගොල්ලො මේ කියන්නෙ ආණ්ඩුව ඇතුලෙ තියෙන අර්බුදය. කොටසක් ජනාධිපතිට යන්න කියනවා. අනිත් අය කියනවා අගමැතිතුමෝ ඉන්න. තව කොටසක් කියනවා ජනාධිපති ඉන්න. අගමැති යන්න කියලා. මේ හොර හැත්ත තුළ තියෙන මේ හොර වංචනික ඇන්දවීමට ඒ හොරකමට අපි දායක නොවෙනකොට හදනවා අපිටත් ඩීල් තියෙනවලු. අපිට ඩීල් තියෙන්නේ මහපොළොවට පය ගහලා ජීවත් වෙන ලක්ෂ 220ක් වූ පොදු ජනතාවත් එක්ක මිස මේ හොරු එක්ක නොවේ” යනුවෙන් විපක්ෂ නායකතුවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Cadge Bird වෙනුවෙන් ලංකාවට ආ රුවැත්තී “Varalaxmi Sarath Kumar”

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : "Cadge Bird" නැමති...

විපක්ෂ නායක ඇතුළු සජබ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකගේ හැසිරීමට විරෝධයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : විපක්ෂ නායක සජිත්...

බිහිසුණු එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව කෝ පයිලට් ඇද්ද වැරදි ලීවරය ද?

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා විශේෂඥයෙකු...