*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

පිළිතුරු දීමේ අයිතිය : හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්ගේ ප්‍රතිචාරය

ජනාධිපතිට තවත් වසර එකහමාරක්ම දෙන්න කීර්ති, මෛත්‍රී, සාලිගෙන් යෝජනාවක්” මැයෙන් අප පළ කළ ඔවුන්ගේම ලිපියට අදාළව හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා සිය ෆේස්බුක් පිටුවෙහි පළ කළ සටහන පහතින් දැක්වේ.


බැඳුම්කර හොරුන් කීර්ති-මෛත්‍රී-අසාත්-වන්නිනායකට මඩ ගසයි

ලංකා නිවුස් වෙබ් නම් පුවත් අඩවිය විසින් අතිශයින් නොමඟයවන සුළු ප්‍රවෘත්තියක් නිර්මාණය කර එය ප්‍රචාරය කරමින් ඇත. තරුණ අරගලය ගැන මෛත්‍රී ගුණරත්න, අසාද් සාලි, නීතිඥ ගුණරත්න වන්නිනායක සමඟ මම සිට්න්නේ එකම ස්ථාවරයක ය.

ඒ අගමැතිවරයා පමණක් නොව ජනාධිපතිවරයා ද තනතුරු වලින් ඉවත්විය යුතු බව සහ රාජපක්ෂ පවුලේ කිසිදු පුද්ගලයෙකුට ‘අන්තර්වාර පාලනයක‘, සභාග ආණ්ඩුවක තනතුරු හිමි නොවිය යුතු බව ය.

අරගලකරුවන්වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිමින්, මිරිහානේ, රඹුක්කන අධිකරණ කටයුතු වෙනුවෙන් පෙනී සිටියේ ඒ නිසාය. අජිත් නිවාඩ් කබ්රාල් ට ගමන් තහනම් නියෝග ගත්තේ ඒ නිසාය. බැසිල් ආටිගලට ගමන් තහනම් ඉල්ලා සිටියේ ද ඒ නිසාය.

දිනපතා අරගල භුමියට ගොස් මේ සටහන සහාය වන්නේ ඒ නිසාය.

අජිත් නිවාඩ් කබ්රාල්ට නඩු පැවරීම බැඳුම්කර හොරුන්ගේ කෝපයට හේතු වී ඇත. තරුණයින් අරගල කරන්නේ ඩොලර් බිලියන 19 ක සල්ලි කන්දක් සමඟය. මහපොළොවට බැසිය නොහැකි මිනිසුන් එම සල්ලි ‘බොරු පුවත් නිර්මාණය කිරීමට‘ අඩු නැතිව යෙදවමින් සිටී.

බැඳුම්කර සල්ලිවලට මේ අරගලය පරාජය කළ නොහැකිිය. ජනපති, අගමැති පමණක් නොව රාජපක්ෂවරුන් සිටින කැබිනට්ටුවකින්, අන්තර්වාර පාලනයකින් මේ අර්බුද්ය විසඳිය නොහැකිය. ඔවුන් හොරකම් කළ මුදල් ලබා ගන්නා තෙන් රටින් පිටවීම වැලැක්විය යුතුය. අපි එය කරන්නෙමු.
ඒ බව අප ඉතා පැහැදිලිව අපගේ නිවේදනයේ දක්වා ඇත.

// ජනතාවගේ පළමු ඉල්ලීම අගමැති – ජනාධිපති ඉවත් කිරීම ය. මෙම අරගලය එයින් මෙපිට විසදෙන්නේ නැති බව ස්ථීර ය.

පාර්ලිමේන්තුවට නව අගමැතිවරයෙකු පත් කර ගත හැකිය. ඒ සඳහා පොදු එකඟතා ඇති කර ගැනීමටත්, විකල්ප ආණ්ඩුවක් නොව ‘ජාතික ආණ්ඩුවක්‘ – ‘එකඟතා ආණ්ඩුවක්‘ බිහි කළ යුතුව ඇත.

අභියෝගය ජයගැනීමට සුදානම්, අර්බුදය විසඳීම සඳහා නායකත්වය ලබා දිය හැකි පුද්ගලයෙකු පොදු එකඟතාවය මත අගමැති ධූරයට පත් කර මෙම අර්බුදය විසඳීම ඇරඹිය යුතුව ඇත.//

සංස්කාරක සටහන –

පළමුවෙන්ම කිවයුතුව ඇත්තේ කීර්ති තෙන්නකෝන් ඇතුළු මෙකී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ආණ්ඩුකාර තනතුරු ලබාගත් තිදෙනා නිකුත් කර තිබුණු නිවේදනයෙහි අකුරක්වත් අප වෙනස් නොකළ බවය. රටේ පවතින තත්වය සම්බන්ධ දීර්ඝ හෑල්ලකින් පසුව ඔවුන් ඉතාම පැහැදිලිව “පොදු එකඟතාවයෙන් වසර කාලයක් රට පාලනය කිරීම, වසර 1 ½ ක් තුළ මහා මැතිවරණයක් හා ජනාධිපතිවරණයක් පැවැත්වීම” යනුවෙන් ඔවුන්ගේ විසඳුම එහි සටහන් කර තිබේ. අප එය ඉහළට ගෙන පෙන්වූ විට කීර්ති තෙන්නකෝන් මහතාට මද කිපී ඇති බවක් පෙනේ.

එසේම මීට කොහෙත්ම අදාළ නොවන බැඳුම්කර හොර කතාවක් ද ඔහුගේ පිළිතුරෙහි ඈඳා ඇති අතර බැඳුම්කර හොරකම් සිදුවුණු ආණ්ඩුවක් යටතේ සදාචාරය පැත්තකින් තබා ආණ්ඩුකාරකම් කළේ අප නොව ඒ මහතා ඇතුළු තුන් කට්ටුව බවත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් අතිශය බැරෑරුම් ලෙස චෝදනා එල්ල වී සිටින මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ සමීප අගසවුවන් වශයෙන් මොවුන් කටයුතු කළ අතර මෛත්‍රීපාල සිරිසේන මහතාට ඒ සම්බන්ධයෙන් පවතින නඩු කටයුතු සඳහා පෙනී සිටින්නේ ද මේ තුන් කට්ටුවෙන් එක් අයෙකු වන මෛත්‍රී ගුණරත්න මහතා බවත් සිහිපත් කරනු කැමැත්තෙමු.

අරගලකරුවන් වෙනුවෙන් කීර්ති තෙන්නකෝන් මහතා පෙනී සිටීම හොඳ දෙයකි. අපිත් එය අගය කරන්නෙමු. එසේම කීර්ති තෙන්නකෝන් මහතා වැනි මෙලෝ ප්‍රතිපත්තියක් නැති, කොතැනත් කැපී පෙනෙන්නට දඟළන, අනුන්ගේ අරගල මතින් තනතුරු බාගැනීමට දත් මැදගෙන සිටින ගේම් කාරයින්ගෙන් ප්‍රවේශම් වීමට ද අරගලකරුවන් දැනගත යුතුව ඇත. කීර්තිලා, මෛත්‍රීලා, අසාද් සාලිලා ඔය අද සිටගෙන සිටින තැන් දක්වා පැමිණෙන්නට පසුකළ හන්දි ගණන ලංකාවේ මෑත කාලීන දේශපාලන ඉතිහාසය දන්නා ඕනෑම අයෙකුට සිහිපත් කරගත හැකිවනු ඇති අතර එසේ තිබියදී පවා ඒ මහතාට දේශපාලන සදාචාරය වෙනුවෙන් මෙන්ම හොරකමට එරෙහිවත් ( සභාවේ සිනා ) පෙනී සිටීමට ඇති අයිතියටත් අපි ගරු කරන්නෙමු.

වැඩිදුරටත් අපට කියන්නට ඇත්තේ හිටපු ආණ්ඩුකාරවරුන් තිදෙනා තමන් යෝජනා කරන ඇත්ත විසඳුම හංගාගෙන වටේ යමින් නිවේදන නිකුත් කිරීම නිසා මේ ප්‍රශ්නය උද්ගතව ඇති බවත් අහක සිටින අපත් සමග පැටළෙන්නට නොපැමිණ, කොන්ද කෙළින් තබාගෙන තමන් තවමත් සඟවන යෝජනාව එළිපිට කතාකරන ලෙසත් ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan