අවස්ථා දෙකකදීම නොගැලපුණු සාරාගේ DNA මෙවර ගැලපෙයිද? (VIDEO)

කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම අනුව අද (27) පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට සම්බන්ධ සාරා ජෙස්මින් නොහොත් පුලස්තිනී මහේන්ද්‍රන් නමැත්තිය මියගොස් ඇතිද යන්න යළි තහවුරු කරගැනීම සඳහා අම්පාර, සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක් තුළ සිදුවූ පිපිරීමෙන් මියගිය අයගේ සිරුරු කොටස් ගොඩගැනීම සිදු විය.

සාරා ජෙස්මින් මීගමුව කටුවාපිටිය දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමදු හස්තූන් නමැත්තාගේ බිරිඳ වන අතර එම නිවස තුළ සිදු වූ පුපුරුවා ගැනීම නිසා සිදු වූ මරණ අතර ඇගේ ශරීර කොටස් හඳුනා ගැනීමට නොහැකි වුණි.

අවස්ථා දෙකකදීම DNA නොගැලපුණු නමුත් නැවත එම ශරීර කොටස් ගොඩ ගෙන ඇත්තේ යළි එම පරීක්ෂාව සිදු කිරිමටයි.

සාරා ජෙස්මින් පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ඉතා ආන්දෝලනයට තුඩු දුන් චරිතයක් වන අතර විමර්ශනවලදී හෙළිකර තිබුණේ ඇය සයින්දමරුදු පිපිරීමෙන් මිය ගොස් නැති බවයි.

ඒ අනුව ඇය ඉන්දියාවට පලාගොස් ඇති බවටද විමර්ෂණවලදී සාක්ෂි සටහන්ව තිබුණි.

එහෙත් ඇය මිය ගොස් ඇති බවටයි රජයේ පාර්ශවයෙන් දිගින් දිගටම කියවුණේ.

මෙම ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පවතින විවාදාත්මක තත්ත්වය මැද යළි එම සිරුරු කොටස් ගොඩ ගැනීමද ආන්දෝලනයට තුඩු දී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...