කෝටි ගණනක මත්ද්‍රව්‍ය තොගයක් කොටිකාවත්තෙන්!

Date:

රෂිකා හෙන්නායක

කොටිකාවත්ත, නාගහමුල්ල ප්‍රදේශයේ නිවසක තිබූ රුපියල් කෝටි 80කට ආසන්න වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙන අතර, එම නිවස මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන බවට මාලඹේ පොලීසියට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදී බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ ඒ අනුව එම නිවසේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 13යි ග්‍රෑම් 372ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3යි ග්‍රෑම් 580ක් සොයාගත් බවයි.

අදාළ නිවස පරික්ෂා කිරීමේදී කාමරයක් තුළ ගමන් මල්ලක බහා තිබූ එම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය පාර්සල් 13ක සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය පාර්සල් 2ක් තුළ අසුරා තිබූ බව පොලීසිය පැවසුවේය.

නිවසේ සිටි පුද්ගලයෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරීම්වලදී, ඔහු විසින් මහර ප්‍රදේශයේ ‘මොරින්’ නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුකුගේ නමක් සඳහන් කළ බව පොලීසිය පැවසුවේ.

පොලිසිය වැඩිදුරටත් පැවසුවේ, ඒ අනුව වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගන්නා බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : නූතන ජීවිතයේ රිද්මය...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...

සෞඛ්‍ය සම්පන්න යැයි ඔබ සිතන ඔබේ ආහාර වේලෙහි සැඟවුණු වැරදි 4ක්…

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : බොහෝ නිවාසවල සකස්...